උඩරට මැණිකේ නතර කරන්න හැදූ පුද්ගලයෙකුට බරපතල තුවාල (ඡායාරූප)

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය නතර කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු එම දුම්රියේ ගැටී බරපතල තුවාල ලබා තිබෙනවා.

ඔහු ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි හැටන් පොලිසිය සඳහන් කළේ.

අද පස්වරු 1ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර, හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ දීයි.

මීට දින 4කට පමණ පෙර නිවසේ ඇති වූ බව කියන ආරවුලක් හේතුවෙන් මෙම පුද්ගලයා අධික ලෙස බීමත්ව දුම්රිය මාර්ගයේ මැදට පැමිණ ධාවනය වෙමින් තිබු දුම්රිය නතර කිරීමට උත්සහ කර ඇතැයි සඳහන්.

එහිදී 41 හැවිරිදි මෙම පුද්ගලයා දුම්රියේ ගැටී විසි වී ගොස් බරපතල තුවාල ලබා ඇති අතර ඔහු, එම දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් භාර දීමට දුම්රියේ ආරක්ෂක නිලධාරින් පියවර ගෙන තිබුණා.

දුම්රියේ ගැටී තුවාල ලැබූ පුද්ගලයා හැටන් දික්ඔය ප්‍රදේශයේ වතුයායක පදිංචිකරුවෙකු බවයි හැටන් පොලිසිය කළ මූලික පරීක්ෂණවලදි අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09
Video thumbnail
ඇමති සමන්තව වටකරගෙන මිනිස්සු කියපු දේ - පූනාගල, කබරගල නව නිවාස සඳහා ගෘහ භාණ්ඩ ලබාදුන් මොහොත
02:32
Video thumbnail
අපි ජනතාවට නිකන්ම ගෙයක් නෙවෙයි දෙන්නේ - ජනතාවට ඇදිවත විතරයි ඉතුරු වුණේ
12:27
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55