උඩරට දුම්රිය මාර්ගයට ගල් පෙරළෙයි, දුම්රිය ගමනාගමනය සීමාකෙරේ

මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නානුඔය සහ ග්‍රේඩ් වෙස්ටන් අතර දුම්රිය මාර්ගයට ඉහළ කදු මුදුනේ සිට ගල් කිහිපයක් පෙරලීම නිසා දුම්රිය ගමනාගමනය බාධා වී තිබෙනවා.

මේ වන විට එම දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් යොදා ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරියෙක් සඳහන් කළා.

එමෙන්ම පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති අතර කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන තැපැල් දුම්රිය නානුඔය දක්වා පමණක් ද, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය නානුඔය සිට කොළඹ කොටුව දක්වාද ධාවනය කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?