උඩරටින්, පහතරටට සාමන්‍ය පරිදි එළවළු සැපයීම සිදුකෙරේ

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සිට දිවයිනේ පළාත් කිහිපයකට අද (13) දිනයේ දී එළවළු කිලෝ 88,000ක් ප්‍රවාහනය කළ බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකාරිත්වය පවසනවා.

ඒ අනුව එම එළවළු තොගයන්හි මිළ ගණන් ලෙස ගෝවා කිලෝවක මිල රුපියල් 210, කැරට් කිලෝවක මිල රුපියල් 230, ලීක්ස් කිලෝවක මිල රුපියල් 230, කිලෝවක මිල රුපියල් 160, බීට්රුට් කිලෝවක මිල රුපියල් 260, අර්තාපල් කිලෝවක මිල රුපියල් 290, රතු අර්තාපල් කිලෝවක මිල රුපියල් 260, නෝකොල් කිලෝවක මිල රුපියල් 230, සලාද කිලෝවක මිල රුපියල් 550 ඇතුලු දැක්වුණු බවයි එම කළමණාකාරිත්වය පෙන්වා දුන්නේ.

මෙම එළවළු තොග ගාල්ල, මාතර, පිටිගල, කලුතර, අම්පාර කාත්තන්කුඩි යන ප්‍රදේශවලට යොමු කළ බවයි නුවරඑලිය ආර්ථාක මධ්‍යස්ථානයේ කලමණාකාරවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?