උක් කපන පිහියෙන් කොටා බිරිඳ නැසූ සැමියා පොලීසියට භාරවෙලා

මොණරාගල, කුඹුක්කන, වෙල්ලච්චි කඩේ ප්‍රදේශයේ නිවසක තිබී කපා කොටා ඝාතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් අද (17) උදෑසන සොයාගෙන තිබෙනවා.

මොණරාගල පොලිසිය සඳහන් කළේ පවුල් ආරවුලක් මත ස්වාමියා විසින් බිරිඳව, නිවසේ තිබූ උක්ගස් කපන පිහියකින් කපා කොටා මෙලෙස ඝාතනය කර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වන තිදරු මවක් බවයි වාර්තා වන්නේ.

ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව සැකකාර ස්වාමියා පැමිණ පොලිසියට භාර වී ඇති අතර, ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය සහ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මොණරාගල පොලිසිය මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
00:00
Video thumbnail
ගල් බෝතලයක් රු.3700ක් වෙනවා..මිනිස්සු මොනවද බොන්නේ..දයාසිරි නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
03:18
Video thumbnail
චාමර හොඳට අමතද්දි ජනපති අනුර පාර්ලිමේන්තුවට එයි - හිනාවත් දාගෙන බලාගෙන ඉන්න හැටි
03:10
Video thumbnail
ශ්‍රී පාද සංචාරයේ ආ මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ අනතුර
01:06
Video thumbnail
සමහර නීතිඥයින්ට අමුතු වරමක් ලැබිලනේ - මේවා ඇත්තටම විහිළුනේ..හිනා යනවනේ
12:25
Video thumbnail
ප#රදීම් ඉවසාගත නොහැකිව ළමා නිවාසයකින් තිදෙනෙක් මහ රෑ පලායයි - එහෙම ළමයින්ට ග#න්නේ කොහොමද එයාලා ?
05:53
Video thumbnail
කාදිනල් හිමි, කන්ජිපානි විරුද්ධ වුණා නම් මේක කරන්නේ නෑ ?ආණ්ඩුවේ උද්දච්ච බව මේ පේන්නේ
10:05
Video thumbnail
ජනතාවනේ 159ක් පත්කළේ - ජනතාව අන්තිම තීන්දුව ගන්න..ආණ්ඩුවයි - විපක්ෂයයි කතා දෙකක් කියන්නේ
01:33
Video thumbnail
ජනමත විචාරණයක් ඉල්ලා රුවන්වැලිනාහිමිපානන්ට සංදේශයක් දී දේව කන්නලව්වක් කරයි
02:35
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16