spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඊසි කෑෂ් කුඩු බෙදා හරින්නෝ පොලිසියට කොටුවෙයි

හෙරෝයින් ග්රැම් 20 යි මිලිග්රැම් 300 ක් සමග සැකකරුවන් හතර දෙනෙකු දියතලාව පොලිස් ස්ථානයේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන්ව බණ්ඩාරවෙල, බිදුණුවැව ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

ඔවුන් වයස අවුරුදු 30 – 35 ත් අතර පසුවන බණ්ඩාරවෙල, ගෙඩියාරෝද සහ බිදුණුවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලය තුල බෙදාහැරිමට ඊෂිකැෂ් ක්‍රමයට කුඩු බෙදාහරින පුද්ගලයෙකු විසින් පැකට් 200 කට මෙම කුඩු තොගය සකසා තිබු බවට අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් නිල සුනඛ අංශයේ ද සහයද ලබා ගනිමින් මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදි ප්‍රධාන සැකකරුගේ බිරිදගේ නිවස තුල සගවා තිබු අදාළ කුඩු තොගය සොයා ගැනීමටයි හැකි වී ඇත්තේ.

සැකකරුවන්ව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට අපේක්ෂා කරන බව ද පොලිසිය තවදුරටත් සදහන් කළා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?