ඊශ්‍රායල් තරුණියක් බලන්න ගිය ලංකාවේ ප්‍රභල ඇමති

රාවණා ඇල්ලෙන් ඇද වැටී තුවාල ලබා ප්‍රතිකාර ලබන ඊශ්‍රායල් තරුණියගේ සුවදුක් බැලීමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇය ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහලට ගියේය.

සිය පෙම්වතා සමග මීට සති කීපයකට පෙර මෙරටට සංචාරයක් සදහා පැමිණි EDEN SIRI (23) නැමැති ඊශ්‍රායල ජාතික තරුණිය සැප්තැම්බර් 15 වන දා රාවණා ඇල්ල බැලීමට ගොස් ඇත.

ඇල්ලේ ඉහළ ගලකට නැගීමකට යාමේ දී ඇය ලිස්සා ඇද වැටී තිබේ. ඇයව බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර දින කීපයක් කොමා තත්ත්වයෙන් පසු වී ඇත.

සංචාරක සංවර්ධන අධිකාරිය මැදිහත් වී අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කර කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීමට කටයුතු කර තිබේ.

ශල්‍යකර්ම කීපයකින් පසු ඇය මේ වන විට සුව වෙමින් සිටින අතර එම තරුණියගේ මව හා පියා දිවයිනට ගෙන්වා ගැනීමට ද එම අධිකාරිය මැදිහත් වු බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසයි.

29 උදෑසන එම තරුණිය ප්‍රතිකාර ලබන රෝහලට ගිය ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇයගේ සුවදුක් විමසා බැලීය.30 ඇය දිවයිනෙන් පිටව යාමට අපේක්ෂාවෙන් සිටින අතර ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද ඇමතිවරයා පියවර ගත්තේය.තමන් ශ්‍රී ලංකාවට දැඩිව ඇළුම් කරන බවත් සම්පූර්ණයෙන් ම සුව වී නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට අපේක්ෂා කරන බවත් එම තරුණිය එහි දී සංචාරක ඇමතිවරයාට කියා සිටියාය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23