ඊශ්‍රායල හමුදා විසින් පලස්තීනයේ දේවස්ථානයකට මුද්‍රා තබයි

ඊශ්‍රායල හමුදා විසින් “නැවත දැනුම් දෙන තුරු” පලස්තීනයේ හෙබ්‍රොන් හි ඉබ්‍රාහිමි පල්ලිය වසා දමා තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් වන්දනාකරුවන්ට සහ පල්ලියේ භාරකරුවන් ඇතුළු පිරිසට ද එම ස්ථානයෙන් පිටව යන ලෙස දැනුම්දී තිබෙනවා.

ඔවුන් පූජනීය ස්ථානය මුද්‍රා තබා අවට ඇති සියලුම මුරපොලවල් සහ ගේට්ටු වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පලස්තීන අව්කාෆ් සහ ආගමික කටයුතු අමාත්‍යාංශය පැවසුවේ මෙම පියවර පල්ලියේ පවතින තත්ත්වය අඩපණ කිරීමේ ඊශ්‍රායලයේ අඛණ්ඩ ප්‍රතිපත්තියේ කොටසක් වන අතර එය වන්දනා කිරීමේ නිදහස බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted