ඊශ්‍රායල් රැකියා සඳහා යන අයගෙන් අමාත්‍ය මනුෂ නානායක්කාර කළ ඉල්ලීම

ඊශ්‍රායලයේ හා ශ්‍රී ලංකාවේ සිටින ඇතැම් වංචාකරුවන් ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා විශාල වශයෙන් මුදල් අයකරන බවත්, විදේශ රැකියා ඇමතිගේ නෑදෑයෙකු, හිතමිත්‍රයෙකු යැයි කියාගනිමින් මෙම වංචාවන් සිදුකරන බැවින් කිසිඳු පුද්ගලයෙකුට ඊශ්‍රායල් රැකියා සඳහා මුදල් ලබානොදෙන මෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉල්ලා සිටියි.

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා සුදුසුකම් ලබා ඊශ්‍රායල් දත්ත පද්ධතියේ රැදි සිටින අයදුම්කරුවන් 590 දෙනෙකු පසුගියදා (01) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් මේ බව ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලයේ රැකියා සඳහා මූලික සුදුසුකම් ලැබූ අයගේ තොරතුරු ඇතැම් පුද්ගලයින් විසින් ලබාගෙන රැකියා ලබාගැනීමට අවශ්‍ය නම් ලක්ෂ ගණනින් මුදල් ලබාදෙන ලෙස ප්‍රකාශ කරන බවත්, ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස අමාත්‍යවරයා රැකියා අපේක්ෂිතයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42