ඊශ්‍රායලයේ සහ ඉරානයේ සිටින ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීම ගැන විදේශ අමාත්‍යාංශයේ අවධානය

ඊශ්‍රායලයේ සහ ඉරානයේ සිටින ශ්‍රී ලාංකික සේවකයින්ගේ නැවත දිවයිනට පැමිණීමට කැමති ඉල්ලීම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑතකදී එදිරිවාදිකම් උත්සන්න වීමෙන් පසුව ඊශ්‍රායලය සහ ඉරානය සිය ගුවන් කලාප දෙකම වසා දැමීමට කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව ගුවන් කලාප නැවත විවෘත කිරීමෙන් පසු දෙරටේ සිටින ශ්‍රී ලාංකිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මේ අතර, හදිසි අවස්ථාවලදී අදාළ තානාපති කාර්යාල සම්බන්ධ කර ගැනීම සඳහා එම රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

වැඩිදුර තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශය 0112 325 373 හෝ 0112 207 200 අංකයට ඇමතීමෙන් හෝ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායලයේ සේවයේ නියුතු පිරිස් සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක් කරනවා.

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉහළ යන ආතතීන් මාධ්‍යයේ ගුවන්තොටුපොළවල් වසා දැමීම හේතුවෙන් ඔවුන්ට යළි නියමිත දිනවලදි ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබදව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙසයි දැනුම් දෙන්නේ.

නැවත ඇතුළුවීමේ වීසා කල්ඉකුත් වුවහොත් ඔවුන්ට යළි ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි බැවින් ඒ පිළිබඳව අද (15) දිනය තුළ තානාපති කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
8
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඊයේ රෑ ඉදලා ආණ්ඩුව රට්ටුන්ට ෆුල් ආතල් එකක් දුන්නේ..මේ ආණ්ඩුව ස්වයං වින්දනයක ඉන්නේ
02:51
Video thumbnail
තිස්ස කුට්ටි ජනපති අනුර ගැන ගුණ වයයි..ෂෙඩ්වල පෝළිම් නෑ..ජනපතිට Respect කරනවා
04:52
Video thumbnail
"මෙතන කිසිම පෝළිමක් නෑනේ යන්න මහත්තයා ඔය මයික් එක අරගෙන"බොරු කරන්න එපා ඔයා - අපි සතුටින් ඉන්නේ
02:09
Video thumbnail
අනුර කුමාර කළුකඩ මුදලාලියෙක්..ඉන්ධන මිල වැඩිකිරීම නිසා විමල්ට තද වෙයි
04:33
Video thumbnail
ඉන්ධන අර්බුදය නිසා චාමරට යකා නගියි..ඔයාලට කරන්න බැරිනම් අපිට දෙන්න..කොමිස් එක අඩු කරලා දෙන්නම්
04:33
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41
Video thumbnail
ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව තියන්න බැරිවෙයිද ?..සමහර විට අනවශ්‍ය උත්සව සීමා කරන්න වෙයි
03:09
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46