AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායලයේ තත්ත්වය ගැන මාධ්‍ය හමුවක්

ශ්‍රී ලංකා විදේශ කටයුතු සේවා නියූක්ති කාර්යංශයේ අතිරේක සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනෙරත් යාපා අද (02) දින මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.

එහිදී ගාමිණී සෙනෙරත් යාපා ප්‍රකාශ කර ඇත්තේ; ඊශ්‍රායල රාජ්‍යයේ මේ වන විට ශ්‍රී ලාංකියකින් 12000ක් සේවය කරන අතර කිසිම ලාංකිකයෙකුට මේ වන විට බලපෑමක් ඇති වී නොමැති බවයි.

එමෙන්ම එරට පවතින ආරක්ෂක විදි විධානවලට අනුගත වෙමින් කටයුතු කරන ලෙසද හෙතෙම එරට සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ල සිටියා.

කිසියම් පුද්ගල‍යෙකු මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවද මේ වන විට තාවකාලිකව ගුවන් ගමන් නවතා තිබීම හේතුවෙන් එය දුෂ්කර කාර්යයක් වන බව ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම ලෙබනනයේ මේ වන විට 7600 පමණ පිරිසක් සේවය කරන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

මේ වන විට ශ්‍රී ලාංකිකයින් 28 දෙනෙක් පමණ රැකවරණය සඳහා ආරක්ෂිත ස්ථාන කරා පැමිණ තිබෙන බවත් එරට තානාපතිවරයා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු සලසා ඇති බවත් මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?