වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේ දී ඊයේ (24) දිනයේ පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය අද (25) දිනයේ දී පීලි ගත කොට කොළඹ බලා ධාවනය කිරීමේදී අද පස්වරු 6.20ට පමණ නැවත පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙලෙස නැවත දුම්රිය පිලීපැනීමට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් නැවත මුහුදුබඩ මාර්ගයේ එක් මාර්ගයක් යළිත් අවහිරවී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මේ වන විට කොළඹ කොටුව හා වැල්ලවත්ත අතර එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවන කටයුතු සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













