AFC Banner
Empty Ad
Empty Ad

ඊජිප්තුවේ දුම්රිය අනතුරක් – තිදෙනෙක් මිය යයි

කයිරෝවේ ඊසාන දෙසින් පිහිටි Zagazig නගරයේ ඊයේ (14) දින මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 49ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

තුවාල ලැබූවන්ගෙන් පස්දෙනෙකුගේ තත්ත්වය අස්ථාවර බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් එරට දුම්රිය අධිකාරිය සඳහන් කර තිබුණේ, එක් දුම්රියක් Zagazig සිට Ismailia දක්වා ගමන් කරමින් තිබූ අතර අනෙක Mansoura නගරයේ සිට Zagazig දක්වා ධාවනය වෙමින් තිබූ බවයි.

කෙසේ වෙතත් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, ඊජිප්තුව සිය පැරණි ප්‍රවාහන ජාලය සංවර්ධනය කිරීමට, දුම්රිය නවීකරණය කිරීමට සහ දුම්රිය මාර්ග සංවර්ධනය කිරීමට වසර ගණනාවක් තිස්සේ කටයුතු කරමින් සිටින රටක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?