AFC Banner
Empty Ad
Empty Ad

ඉහළ කොත්මලේ ජලාශයෙන් හමුවූ කාන්තා මළ සිරුරේ අහිරහස හෙළිවෙයි

පසුගිය 25 වනදා ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදී සොයාගත් කාන්තා මළ සිරුරේ අනන්‍යතාව තහවුරුකරගෙන තිබෙනවා.

මෙය සියදිවි හානිකරගැනීමක් නොවන බවත් අදාල කාන්තාවගේ සැමියා විසින් ඇයව ඝාතනය කර පසුව සිරුර රැගෙනවිත් ඉහළ කොත්මලේ ජලාශයට දමා ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ආගරපතන, ටොරිංටන් වතුයායේ පදිංචිව සිටි 28 හැවිරිදි දෙදරු මවක් බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

සැමියා සමඟ නිවසේදී ඇතිවූ ආරවුලක් අතර තුර සැමියා විසින් මැයට පොල්ලකින් පහර දී ඝාතනය කිරීමෙන් අනතුරුව පසුගිය 24 වන දින රාත්‍රියේ වෑන් රථයකින් සිරුර රැගෙන ගොස් ඉහළ කොත්මලේ ජලාශයට ගෙනවිත් දමා ඇති බවටයි හෙළිව ඇත්තේ. සැකකාර සැමියා ආගරපතන නගරයේ වෑන් රථයක රියදුරෙක් වශයෙන් කටයුතු කරන අතර ඔහු පසුගිය 24 වන දින රාත්‍රියේ වෑන් රථයේ අයිතිකරුගෙන් ඉල්ලාගෙන රථය තම නිවස වෙත රැගෙනවිත් මියගිය බිරිඳගේ සිරුර එහි දමාගෙන රැගෙන ගොස් ඇති බවට දැනට කරන ලද මූලික පරික්ෂණ වලදි අනාවරණය වී තිබෙනවා. සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ අපරාධය සම්බන්ධව පාපොච්චාරණය කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ සහ ආගරපතන පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.

පෙර පුවත – ඉහල කොත්මලේ ජලාශයේ කාන්තා මළ සිරුරක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?