ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් පවත්වන සාකච්ඡා සඳහා අමෙරිකාවේ උප ජනාධිපති JD වැන්ස් සහ
රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පත්කළ බව අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසවා ඇති බව විදේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙවන් තත්ත්වයක් මත වුවද අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා පවතින බවට ට්‍රම්ප් විසින් පවසන ප්‍රකාශ ඉරානය විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනවා.
එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවතින යුධමය තත්ත්වය අවසන් කිරීම වෙනුවෙන් ඉරානය වෙත කරුණු 15කින් සමන්විත යෝජනාවලියක් භාර දුන් බවද නිවේදනය කර ඇති අතර න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධ දැඩි සීමාවන් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ද එම යෝජනා වූ කරුණුවලට ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.













