ඉරානය සමඟ පවතින යුද්දය දින පහකට තාවකාලිකව නවතා දැමීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රප්ම් පවසා තිබෙනවා.
සිය ටෘත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමට තමා තීරණය කළ බවයි.
දැනට ක්‍රියාත්මක වෙමින් පවතින රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සහ හමුවීම්වල ප්‍රගතිය සලකා බලා මෙම තීරණය ගත් බවයි ඔහු එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් පසුගිය දින දෙකක කාලය තුළ ඉරානය සමඟ “ඉතා යහපත් සහ ඵලදායී” සාකච්ඡා පැවැත් වූ බවත් ඔහු පවසනවා.
එමෙන්ම මෙම සාකච්ඡා මාලාව ඉදිරි සතිය පුරාම පවත්වන බව ද ඔහු එහි සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
38
+1
+1
+1
2
+1
3













