spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉරානයෙන් මෙරටට යූරියා පොහොර

ඉරානය විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යූරියා පොහොර ලබා දීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සැකසීමට අද (29) එකඟත්වය පළ කර තිබෙනවා.

කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (29) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති Hashem Ashjazadeh මහතා හමුවූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යූරියා පොහොර සම්පාදනය සම්බන්ධව අදහස් හුවමාරු කර ගැනිමත් යූරියා පොහොර අවශ්‍යතාවය සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා වගාවට අවශ්‍ය යූරියා පොහොර සපයා ගැනීම සඳහා සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලිමක් කළ බවද සඳහන්.ඒ සම්බන්ධව අදහස් පළ කළ ඉරාන තානාපතිවරයා ඉදිරි කාලය තුළ රජයකින් රජයකට ලබා දෙන ක්‍රමයට යූරියා පොහොර ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් ඒ් සඳහා මුලික වැඩ පිළිවෙළ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කළ යුතු බව ද සඳහන් කර තිබෙනවා.

විශේෂයෙන්ම ලබන වසරට අවශ්‍ය යුරියා පොහොර ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය හා මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?