ඉරානය විසින් ඊශ්‍රායලයට ඊයේ (13) රාත්‍රියේ බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඊශ්‍රායලයේ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස දැඩි පහරවල් එල්ල කරන බවට ඉරාන උත්තරීතර නායකයා දිවුරුම් දෙන විට ඉරානය ඊශ්‍රායලයට මෙම බැලස්ටික් මිසයිල ප්‍රහාරය දියත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම බැලස්ටික් මිසයිල ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි අහස උසට කළු දුමාරයක් නැඟී අ බවත් ජෙරුසලමේ පිපිරීමක් ඇසුණු බව බීබීසීය පවසනවා.
පළිගැනීමේ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල රෝහල්වල හතළිස් දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, ඉන් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.
සිකුරාදා (13) අලුයම් කාලයේ ඊශ්‍රායලය ඉරානයේ අගනුවරට පහර දුන් අතර, එය රටේ න්‍යෂ්ටික වැඩසටහන ඉලක්ක කර ගත් අතර, අවම වශයෙන් ඉරානයේ ඉහළම හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ ඉහළම න්‍යෂ්ටික විද්‍යාඥයින් හයදෙනෙකු ඝාතනයට ලක් වුණා.
මේ අතර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, ඊශ්‍රායලය ප්‍රහාර ආරම්භ කර යුද්ධයක් ආරම්භ කළ බවට චෝදනා කර සිටිනවා.





