ඉරානයෙන් ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක්

ඉරානය විසින් ඊශ්‍රායලයට ඊයේ (13) රාත්‍රියේ බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඊශ්‍රායලයේ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස දැඩි පහරවල් එල්ල කරන බවට ඉරාන උත්තරීතර නායකයා දිවුරුම් දෙන විට ඉරානය ඊශ්‍රායලයට මෙම බැලස්ටික් මිසයිල ප්‍රහාරය දියත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම බැලස්ටික් මිසයිල ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි අහස උසට කළු දුමාරයක් නැඟී අ බවත් ජෙරුසලමේ පිපිරීමක් ඇසුණු බව බීබීසීය පවසනවා.

පළිගැනීමේ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල රෝහල්වල හතළිස් දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, ඉන් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.

සිකුරාදා (13) අලුයම් කාලයේ ඊශ්‍රායලය ඉරානයේ අගනුවරට පහර දුන් අතර, එය රටේ න්‍යෂ්ටික වැඩසටහන ඉලක්ක කර ගත් අතර, අවම වශයෙන් ඉරානයේ ඉහළම හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ ඉහළම න්‍යෂ්ටික විද්‍යාඥයින් හයදෙනෙකු ඝාතනයට ලක් වුණා.

මේ අතර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, ඊශ්‍රායලය ප්‍රහාර ආරම්භ කර යුද්ධයක් ආරම්භ කළ බවට චෝදනා කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
1
+1
3
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04
Video thumbnail
ඉස්සරහට කරන්ට් කප්පාදුවක් වෙනවා..මේකට වගකියන්න ඕනේ අනුර කුමාර
01:33
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි..159යේ අම්මා අප්පගේ බූදලයෙන් දෙන්නේ නෑනේ..ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
09:04
Video thumbnail
රට Lockdown කිරීමේ අවදානමක් තියෙනවා ?හිටපු ජනපතිලා කැඳවලා..ජාතික ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කරන්න
02:08
Video thumbnail
ආණ්ඩුවේ ඩෝබිලා දාලා තමයි මාධ්‍යයට සත්තම දාන්නේ..මේවා ඕකපාතිකව වෙන දේවල් නෙවෙයි
02:28
Video thumbnail
ඉදිරියේදී තැපැල් ප්‍රවාහනය දවසක් හැර දවසක් සිදුවෙන්නේ..ඉන්ධන නිසා තැපැල් දෙපාර්තමේන්තුවටත් බාධා
05:09