ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ කොඩිය එසවූ පුතාව, පියා අතින් නොඑන ගමන් යයි

පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ ධජය නිවසේ එස වූ පුත්‍රයාව පියා විසින් ඝාතනය කළ පුවතක් පෙෂාවර් නගරයට ආසන්නයෙන් වාර්තා වනවා.

කටාර්හි සේවය කර ආපසු නිවසට පැමිණි පුතා, ඉම්රාන් ඛාන්ගේ පකිස්ථාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ ධජය නිවසේ එසවීමත් සමඟ එය වහාම ඉවත්කරන ලෙස පියා විසින් ඔහුට දන්වා ඇති බව සඳහන්.

පුත්‍රයා විසින් එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර, එහිදී පියා විසින් පුත්‍රයාට පිස්තෝලයකින් වෙඩි තබා තිබෙනවා.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ 31 හැවිරිදි පුත්‍රයා රෝහල් ගතකරන විට මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වත කළේ.

වෙඩි තැබීම සිදුකළ සැකකාර පියා පළාගොස් ඇති අතර පහු සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එළඹෙන පෙබරවාරි 08 වනදා පැවැත්වීමට නියමිත පාකිස්ථාන මැතිවරණ බොහෝ විට පකිස්ථානයේ ප්‍රචණ්ඩත්වයෙන් උතුරා යන මැතිවරණයක් වනු ඇති බවයි බොහෝ දෙනෙක් පුරෝකථනය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01