ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ කොඩිය එසවූ පුතාව, පියා අතින් නොඑන ගමන් යයි

පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ ධජය නිවසේ එස වූ පුත්‍රයාව පියා විසින් ඝාතනය කළ පුවතක් පෙෂාවර් නගරයට ආසන්නයෙන් වාර්තා වනවා.

කටාර්හි සේවය කර ආපසු නිවසට පැමිණි පුතා, ඉම්රාන් ඛාන්ගේ පකිස්ථාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ ධජය නිවසේ එසවීමත් සමඟ එය වහාම ඉවත්කරන ලෙස පියා විසින් ඔහුට දන්වා ඇති බව සඳහන්.

පුත්‍රයා විසින් එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර, එහිදී පියා විසින් පුත්‍රයාට පිස්තෝලයකින් වෙඩි තබා තිබෙනවා.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ 31 හැවිරිදි පුත්‍රයා රෝහල් ගතකරන විට මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වත කළේ.

වෙඩි තැබීම සිදුකළ සැකකාර පියා පළාගොස් ඇති අතර පහු සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එළඹෙන පෙබරවාරි 08 වනදා පැවැත්වීමට නියමිත පාකිස්ථාන මැතිවරණ බොහෝ විට පකිස්ථානයේ ප්‍රචණ්ඩත්වයෙන් උතුරා යන මැතිවරණයක් වනු ඇති බවයි බොහෝ දෙනෙක් පුරෝකථනය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34