ඉපලෝගම පුරාවිද්‍යා කැණීමකින් විදෙස් වෙළඳාම සහ දේශීය ලෝහ තාක්ෂණික සාධක රැසක් මතු වෙයි

“උරුමයට ජීවයක්” පුරාවිද්‍යා ස්ථාන දහසක් සුරැකීමේ ජාතික වැඩසටහනට සමගාමීව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළමු ව්‍යාපෘතිය ලෙස ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ‘ගල්ලිදයාය ඓතිහාසික පොකුණ’ සංරක්ෂණය කිරීමේ කටයුතුවල සමාරම්භක අවස්ථාව ඊයේ (14) පැවැත්වුණා.

ඒ, අනුරාධපුර දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ආර්.ජී. ජයතිලකගේ ප්‍රධානත්වයෙන්.

විජිතපුර රජමහා විහාරාධිපති, හුරුළු කලාගම් දෙපළාතේ ප්‍රධාන සංඝනායක නිකත්තේගම ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වුණු මෙම අවස්ථාවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් මෙන්ම පාසල් දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා..

මීට වසර හතකට පමණ පෙර හඳුනාගෙන තිබූ මෙම ඓතිහාසික ස්ථානයේ කැණීම් කටයුතු පසුගිය ජුනි මස 1 වනදා සිට ආරම්භ කෙරුණු අතර, එම කැණීම් මඟින් ලංකාවේ අතීත තාක්ෂණය හා විදේශ සබඳතා විදහා දක්වන සුවිශේෂී සාධක රැසක් අනාවරණය කර ගැනීමට පුරාවිද්‍යා නිලධාරීන් සමත්ව තිබෙනවා.

එකල පැවති ජාත්‍යන්තර වෙළඳ සබඳතා සනාථ කරන විදේශයන්ගෙන් ආනයනය කරන ලද විදේශීය රුලේටර් වර්ගයේ මැටි බඳුන් කොටස්, එදිනෙදා ජල අවශ්‍යතා සඳහා සහ විවිධ ආගමික පුද පූජා කටයුතු වෙනුවෙන් භාවිත කළ භාජන කොටස්, අතීතයේ දේශීයව සිදුකළ යකඩ නිස්සාරණ කර්මාන්තය සනාථ කරන යබොර කැබලි රැසක්, පුරාණයේ භාවිත කරන ලද
හෙල්ලයක ඉහළ කොටසක්, ධාන්‍ය හෝ ඖෂධ වර්ග ඇඹරීම සඳහා භාවිත කරන්නට ඇතැයි සැලකෙන අත්ගල් කිහිපයක් ඒ අතර වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23
Video thumbnail
විභාග වංචාවන්ට සම්බන්ධ කටයුතු නම් කරන්න එපා ! - උසස් පෙළ විභාගය ගැන විශේෂ ප්‍රකාශයක්
22:22
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27