ඉන්ධන මේ ගාණට දෙන්නෙත් ආණ්ඩුව පාඩු කාගෙන…

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරේදා (19) වනවිට ඩොලර් 89ක් දක්වා ඉහළ ගොස් තිබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ එය වසර 7කට පසු වාර්තා වූ ඉහළම මිල බවය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකදීය.

මසකට ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500ක් පමණ මෙරට වැය කරන බවත් මේ වනවිට ශ්‍රී ලංකාවේ මාසික අපනයන ආදායම ඩොලර් මිලියන 750ක මට්ටමක පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව මෙහි ඇති බරපතළ තත්ත්වය සමස්ත ජනතාව තේරුම්ගෙන ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කළයුතු බවද ඔහු පැවසීය.

මේ වනවිට රජය ඩීසල් ලීටරයකින් රුපියල් 30ක පාඩුවක් ලැබුවද ඉන්ධන මිල ඉහළ නැංවීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බවද උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය. 

ඒ හේතුවෙන් පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ නැවත වැසි ලැබෙන තෙක් යම් විදුලි කප්පාදුවක් සිදු නොකළහොත් මාර්තු මස අගභාගයේදී විශාල අර්බුදයකට යාහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“හොඳට කාලා බීලා කෑම ඉතුරුත් වෙලා කුණු බක්කියට කෑම විසික්කරන ගමන් ජනතාවට අරපිරිමැස්මෙන් වැඩ කරන්න කිව්වොත් ජනතාවට කේන්ති යනවා. ඒ ආදර්ශය එන්න ඕනේ දේශපාලකයින්ගෙන්.” යනුවෙන් ද ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40