ඉන්ධන බෙදාහැරීම අඩාල වෙද්දී හෙට බස් ධාවනය පිලිබඳ දැනුම් දීමක්

මේවන විට කොලොන්නාව පර්යන්තයේ ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති බවට වාර්තා වනවා. එමෙන්ම මුතුරාජවෙල පර්යන්තයෙන් ඉන්ධන පිරවුම්හල් සහ කර්මාන්තශාලා වෙත ඩීසල් සහ පෙට්‍රල් බෙදා හැරීම මේ වන විට නවතා ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධානියෙක් පැවසීය.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ හෙට සිට බස් රථ ධාවනය 50% දක්වා අඩු කිරීමට සිදු වන බවයි.