ඉන්ධන පෝලිම් ඇති වීමට හේතුව සභාපති සුමිත් හෙලි කරයි

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග ඇතැයි එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

ඊයේ සහ පෙරේදා දිනයේදී සමාජ මාධ්‍ය තුළින් සංසරණය වූ ප්‍රකාශයක් හේතුවෙන් මේ වන විට ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් දක්නට ලැබෙන බව ය.

“ඩීසල් සහ පෙට්‍රල් අපට අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. පෙරේදා Facebook එකේ නිව්ස් එකක් ගියා පෙට්‍රල් හිඟයි කියලා. පෙට්‍රල් පෝලිමක් හැදුනා හවස 4 වෙනකොට. දවස් දෙකක් විතර ගහන තෙල් ටික පැය 4න් 5න් ගැහුවා. සාමාන්‍ය ප්‍රමාණයයි බෙදන්න පුළුවන්.”

මේ අතර, සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, ඉන්දියානු ආධාර යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් හෙට (අප්‍රේල් 14) දිනයේදී මෙරටට පැමිණීමට නියමිත බව ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?