ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිත ගැටුම් වීඩියෝ කරන්න පොලිස් නිලධාරීන්ට උපදෙස්

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවන ගැටුම්කාරී තත්ත්වයන් පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් ඒවා වීඩියෝගත කරන ලෙස පොලිස්පතිවරයා විසින් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම ඉන්ධන පිරවුම්හල් තුළ පොලිස් නිලධාරීන් සහ ඇතැම් පිරිස් අතර ගැටුමක් ඇති වුවහොත් ඒවා ද වීඩියෝගත කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

ඉන්ධන පිරවුම්හල්වල් ආශ්‍රිතව එවැනි ගැටුම් ඇති කරගන්නා පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව ඉදිරියේ දී නීතිමය පියවර ගැනීමට එම දර්ශන යොදා ගැනීම සඳහායි පොලිස් නිලධාරීන්ට මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?