spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන නැව්වලට ගෙවීමට ඇති අධික ප්‍රමාද ගාස්තු ගැන ප්‍රකාශයක්

නැව් 3කට සහ අද පැමිණීමට නියමිත නැවකට අදාළ ව ඩොලර් ලක්ෂ 33ක් ඉක්මවූ ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු ව ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසනවා.

ප්‍රමාද ගාස්තු පිළිබඳ ඛනිජ තෙල් නීතිග සංස්ථාව ලබා දුන් තොරතුරු නිවැරැදි නො වන බවත් ඔහු පවසනවා.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ ආනන්ද පාලිත වැඩිදුරටත් කියා සිටියේ,

රටේ 50% ක්වත් ඉන්ධන බෙදාගන්න බැරිව බලශක්ති අමාත්‍යාංශය ට රාජ්‍ය ඇමතිවරු දැම්මා..අරගලයේ පිහිටෙන් අගමැති වෙච්ච ජනාධිපති වෙච්ච රනිල් හොරු අල්ලන්නෙත් නෑ හොරකං නවත්තන්නෙත් නෑ..සංස්ථාවෙන් අහනවා දැන් මුහුදේ නැව් කීයක් තියෙනවද..දවස් ගානේ අපි ඒවට මුදල් ගෙවනවා..ඩොලර් කොමිස් නිසා නිලධාරීන් වැරදි වාර්තා දෙනවා..රටේ ජනතාව කොල්ල කනවා..මේ සේරම ගෙවීම් කරලා කෝටි 500ක් ලාභ ලබන ආයතනයක්..

අදට දින දාහතරක් එක නැවක් තවත් නැවක් දින හතක් දිනකට ඩොලර් 30000..ප්‍රමාද ගාස්තු ගෙවන්න සිදුවෙලා..ඉන්ධන මිළ දී ගැනීමේ ජාවාරම තවම නවත්තන්න බැරි වෙලා..මහ බැංකු අධිපති මේකට මැදිහත් වෙන්න ඕනේ..මේ ආණ්ඩුව හොරු අල්ලන්නෙත් නෑ හොරකම් නවත්තන්නෙත් නෑ..බිලියන ගානක් නැව් වලට ජාවාරම් වලට ගෙවන්න වෙලා අදත් නැව් තුනක් මුහුදේ තවත් නැවක් අදත් එනවා.. ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙනවා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?