ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉවත් වෙයි

දැනට වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිස සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ඉන්ධන, සිමෙන්ති, තිරිඟු පිටි ප්‍රවාහනය කිරීමේ කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

සිය ගැටළු සංගමය මුහුණ පා ඇති ගැටළු සම්බන්ධයෙන් අද දිනයේදී දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග පැවති සාකච්ජා අසාර්ථක වීමෙන් පසු ඔවුන් විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් දැනට ගෙනයන වෘත්තීය ක්‍රියාමාර්ග අනුව ටිකට් පත් නිකුත් කිරීම සහ පාර්සල් භාර ගැනීම යන කාර්ය වලින් ඉවත්ව තිබෙනවා.