spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දු – පාකිස්ථාන තරගයට කාලගුණය ප්‍රශ්නයක් – පල්ලේකැලේ අහසත් කළු කරයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දු පාකිස්ථාන තරගය අද (02) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.

මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙන අතර, මේ වනවිටත් ඉන්දියා, පාකිස්ථාන සහ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණය වෙත පැමිණෙමින් සිටින බවයි පල්ලේකැලෙන් තොරතුරු වාර්තා වන්නේ.

පල්ලේකැලේ ක්‍රීඩාංගණය පිහිටි ප්‍රදේශයේ අහස මේ වනවිට වළාකුලින් බරව පවතින බවයි වැඩිදුරටත් තොරතරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් මේ වනවිට මහනුවර නගරයට වර්ෂාව පතිතවන බවට අප වාර්තාකරුවන් සඳහන් කළා.

අද (02) උදෑසන කාලයේ ක්‍රීඩාංගණය පිහිටි ප්‍රදේශයට මද වැසි පතිත වූ අතර, ඒ හේතුවෙන් තණ තීරුව වැසි ආවරණවලින් ආවරණය කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර අද තරගය සඳහා කාලගුණය ප්‍රශ්නකාරී විය හැකි බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ එකම පැතුම වී ඇත්තේ වර්ෂාවෙන් බාධාවක් සිදුනොවී මෙම සුවුශේෂී තරගය නියමිත ආකාරයට පැවැත්වීමට හැකිවේවා යන්නයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?