ඉන්දු – පාකිස්ථාන තරගයට කාලගුණය ප්‍රශ්නයක් – පල්ලේකැලේ අහසත් කළු කරයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දු පාකිස්ථාන තරගය අද (02) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.

මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙන අතර, මේ වනවිටත් ඉන්දියා, පාකිස්ථාන සහ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණය වෙත පැමිණෙමින් සිටින බවයි පල්ලේකැලෙන් තොරතුරු වාර්තා වන්නේ.

පල්ලේකැලේ ක්‍රීඩාංගණය පිහිටි ප්‍රදේශයේ අහස මේ වනවිට වළාකුලින් බරව පවතින බවයි වැඩිදුරටත් තොරතරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් මේ වනවිට මහනුවර නගරයට වර්ෂාව පතිතවන බවට අප වාර්තාකරුවන් සඳහන් කළා.

අද (02) උදෑසන කාලයේ ක්‍රීඩාංගණය පිහිටි ප්‍රදේශයට මද වැසි පතිත වූ අතර, ඒ හේතුවෙන් තණ තීරුව වැසි ආවරණවලින් ආවරණය කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර අද තරගය සඳහා කාලගුණය ප්‍රශ්නකාරී විය හැකි බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ එකම පැතුම වී ඇත්තේ වර්ෂාවෙන් බාධාවක් සිදුනොවී මෙම සුවුශේෂී තරගය නියමිත ආකාරයට පැවැත්වීමට හැකිවේවා යන්නයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16