ඉන්දු – පකිස්තාන ක්‍රිකට්වලට ඉන්දියාවෙන් තහනමක්

මින් ඉදිරියට කිසිම ආකාරයකින් ඉන්දියාව සහ පකිස්ථානය අතර ද්විපාර්ශික ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කිරීමට අවසර නොදෙන බව ඉන්දීය ක්‍රීඩා අමාත්‍යංශය පවසනවා.

කෙසේ වෙතත් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන තරගාවලි සඳහා එය බාධාවක් නොවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එළඹෙන ආසියානු කුසලානයේ පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ පලිස්ථානය තරගය ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමේ හැකියා පිළිබද මාධ්‍ය විසින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඔවුන් මෙය සඳහන් කළා.

කෙසේ වෙතත් මින් ඉදිරියට ක්‍රිකට් තරගාවලි සඳහා පකිස්තාන ක්‍රීඩකයින්ට ඉන්දියාව තුළට ඇතුල් වීම තහනම් කර ඇති අතර ඉන්දියාවේ ක්‍රීඩකයින්ට ද පකිස්තානයේ තරගාවලි සඳහා සහභාගීවීම තහනම් වනවා.

දෙරටේ පමණක් නොව අන් කිසිඳු රටක හෝ ඉන්දු – පාකිස්තාන ද්විපාර්ශික තරගාවලි තහනම් බවයි ඉන්දීය ක්‍රීඩා අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
1
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?