ඉන්දු – පකිස්තාන ක්‍රිකට්වලට ඉන්දියාවෙන් තහනමක්

මින් ඉදිරියට කිසිම ආකාරයකින් ඉන්දියාව සහ පකිස්ථානය අතර ද්විපාර්ශික ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කිරීමට අවසර නොදෙන බව ඉන්දීය ක්‍රීඩා අමාත්‍යංශය පවසනවා.

කෙසේ වෙතත් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන තරගාවලි සඳහා එය බාධාවක් නොවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එළඹෙන ආසියානු කුසලානයේ පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ පලිස්ථානය තරගය ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමේ හැකියා පිළිබද මාධ්‍ය විසින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඔවුන් මෙය සඳහන් කළා.

කෙසේ වෙතත් මින් ඉදිරියට ක්‍රිකට් තරගාවලි සඳහා පකිස්තාන ක්‍රීඩකයින්ට ඉන්දියාව තුළට ඇතුල් වීම තහනම් කර ඇති අතර ඉන්දියාවේ ක්‍රීඩකයින්ට ද පකිස්තානයේ තරගාවලි සඳහා සහභාගීවීම තහනම් වනවා.

දෙරටේ පමණක් නොව අන් කිසිඳු රටක හෝ ඉන්දු – පාකිස්තාන ද්විපාර්ශික තරගාවලි තහනම් බවයි ඉන්දීය ක්‍රීඩා අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16