ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුවකගෙන් දසුන් ශානක ගැන ප්‍රකාශයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ශ්‍රී ලංකාවේ ඉන්දීය තරග සංචාරයට පසුව පැවතියේ නම් දසුන් ශානක අධික මිලකට IPL කණ්ඩායම් විසින් මිලදී ගනු ඇතැයි හිටපු ඉන්දීය පිතිකරු ගෞතම් ගාම්භීර් විශ්වාසය පළ කරනවා.

පසුගිය බ්‍රහස්පතින්දා පූනේ හිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන T20I තරඟයේදී දසුන් ශානක පන්දු 22කදී නොදැවී ලකුණු 56ක් රැස් කළා.

ඔහු පසුගියදා පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.

ඉන්දීය මාධ්‍ය ආයතනයක ක්‍රීඩා වැඩසටහනක පැවති සාකච්ඡාවකදී, අද IPL ක්‍රීඩක වෙන්දේසිය සිදු වුවහොත් දසුන් ශානකට කොපමණ මුදලක් ගෙවන්නේදැයි ගාම්භීර්ගෙන් විමසන ලද අතර, ඊට ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායමේ උපදේශකවරයා ද වන ගාම්භීර් ලබාදුන්නේ මෙවැනි පිළිතුරක්.

“මට මුදල් නැහැ, ඔහු පන්දුවට පහර දුන් ආකාරයටම ඔහු මිල අධික වනු ඇති. ඒක තමයි වෙන්දේසිය කියන්නේ. හිතන්න, මෙම තරගය ඇතුළු සිදුවීම් වෙන්දේසියට පෙර සිදු වූවා නම්, සමහර කණ්ඩායම්වලට ඔහුව මිලදී ගැනීමට මුදල් නොතිබෙනු ඇති.

දෙවැනි T20 තරගයේදී ශ්‍රී ලංකාව හොඳම පන්දු යැවීම ද වාර්තා කළා. ශානකගේ දස්කම් දැක්වීමට අමතරව කුසල් මෙන්ඩිස් පන්දු 31කදී ලකුණු 52ක් ද චරිත් අසලංක පන්දු 19කින් ලකුණු 37ක් ද රැස් කර ගත්තා.

දසුන් ශානකගේ පිතිකරණය හා පන්දුයැවීම මෙන්ම කණ්ඩායමේ දක්ෂතා හේතුවෙන් ඉන්දියාව සමග පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් හිමි වුණා.

පසුගියදා පැවති අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික මුදලකට දසුන් ශානක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණ ද දසුන් ශානක කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14