ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට – සිව්දෙනෙකුගෙන් යුත් දූත පිරිසකුත් ඒ අතර

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජෙයශංකර් දිවයිනට පැමිණ තිබෙනවා.

අද (20) උදෑසන එක්දින නිල සංචාරයක් සඳහායි කටුනායක ගුවන් තොටුපොළ වෙත විදේශ කටයුතු අමාත්‍යවරයා පැමිණියේ.

ජෙයශංකර් මහතා අද උදෑසන 09.35 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 32 දරන විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණියා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සිව් දෙනෙකු ද දූත පිරිස ලෙස පැමිණ බවයි වාර්තා වන්නේ.

ඔවුන් පැමිණි ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරිය ආසන්නයෙහි නවතා විශේෂ රථ පෙරහැරකින් කොළඹ බලා පිටත් ව ගිය බවත් සඳහන්.

ආචාර්ය ජෙයශංකර් ඇතුළු දූත පිරිස අද දින සවස 06.35 ට ඔවුන් පැමිණි ගුවන් යානයෙන් ම ආපසු ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත් ව යාමට නියමිත බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.

එළඹෙන අගෝස්තු මාසයේ දී මෙරට නිල සංචාරයකට එක් වීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැමිණීමට පෙරයි මෙලෙස ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ.

දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන පරිදි ජයිශංකර් මෙරටට පැමිණෙන්නේ ඉන්දු – ශ්‍රී ලංකා දෙරට අතර ඇති ද්විපාර්ශ්වීය ගනුදෙනු සහ ව්‍යාපෘති සම්බන්ධයෙන් වන සමාලෝචනයක් සිදු කිරීම සඳහා යි.

ඉන්දියාවේ පසුගියදා පැවති මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව එරට අමාත්‍යවරයෙක් ශ්‍රී ලංකාවේ කරන පළමු නිල සංචාරය ද මෙය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?