දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තම ආදරණීයයන් අහිමි වූ ශ්‍රී ලාංකික ජනතාවට තම හෘදයාංගම ශෝකය පළ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.
සිය නිල එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.
මෝදි අග්‍රාමාත්‍යවරයා එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ බලපෑමට ලක් වූ සියලුම පවුල්වල ආරක්ෂාව, සැනසීම සහ ඉක්මන් සුවය සඳහා තමන් යාඥා කරන බවයි.
අපගේ සමීපතම සමුද්‍රීය අසල්වැසියා සමඟ සහයෝගීතාවයෙන්, ඉන්දියාව ‘සාගර් බන්ධු’ මෙහෙයුම යටතේ සහන ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය ආපදා සහාය මෙන්ම ආධාර ලබාදීමට ඉන්දියාව සූදානමින් සිටින බවයි ඔහු පවසන්නේ.
ඉන්දියාවේ අසල්වැසියාට ප්‍රථම ප්‍රතිපත්තිය සහ දැක්ම යටතේ අවශ්‍යතාවයේ දී ශ්‍රී ලංකාව සමඟ ස්ථිරව සිටින බවත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.














ඉන්දීය සහාය අපගේ ශක්තියයි.
නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඇතුලු ඉන්දීය රජයට හා ජනතාවට ප්‍රණාමය !!!!
During Covid time our forces did an excellent job without the need for externalk help.Because the army has been made weak by this NPP government in a crisis like this we cannot now cope ourselves.Getting Indian help is akin to asking help from a certain Devil.