ඉන්දියාව සමග බලශක්ති ගිවිසුමකට අත්සන් කරන්න ශ්‍රී ලංකාව සූදානමින්

බලශක්ති සම්ප්‍රේෂණ ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ඇතැයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරොගොඩ මහතා ප්‍රකාශ කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ඉදිරි මාස දෙක තුළ මෙම ගිවිසුමට අත්සන් තබනු ඇති බවටයි ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ ගිවිසුම පුළුල් කිරීම සඳහා ද ඉදිරි මාස දෙකක කාලය තුළ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බවට රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීමේ සැලැස්මේ ප්‍රධාන කොටසක් උතුරේ ඇති පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වර්ධනය කිරීම තුළ රඳා පවතින අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් පිහිටුවීම මගින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් උත්පාදනය කරනු ලබන විදුලිය ඉන්දියාව වෙත රැගෙන යා හැකි බවයි මිලින්ද මොරොගොඩ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

උතුරේ පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධනය කිරීම මගින් දේශසීමා සම්ප්‍රේෂණ කේබලයක් හරහා දකුණු ඉන්දියාවට විදුලි බලය ලබාදිය හැකි බව මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ යෝජනාව මීට වසර 10කට පමණ පෙර ඉදිරිපත් වූ අතර පසුගිය වසරේ ඒ පිළිබඳ සාකච්ඡා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නැවත ආරම්භ කරනු ලැබුවා.

වසර දෙකක හෝ තුනක කාලයක් තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් පිහිටුවීමට හැකි වුවහොත් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් උත්පාදනය කරනු ලබන විදුලිය ඉන්දියාවට අලෙවි කළ හැකි බවයි මොරොගොඩ මහතා පෙන්වා දී ඇත්තේ.

දෙරට අතර පසුගිය වසරේ සිය විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ වූ අතර මොරගොඩ පැවසුවේ ව්‍යාපෘතිය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් මාස දෙකක් ඇතුළත අත්සන් කරන බවත් ඉන් අනතුරුව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරන බවයි.

පසුගිය 2022 වසරේ මුල් භාගයේ අර්බුදය ඇති වූ දා සිට ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4ක පමණ ආධාර ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක ණයක් ගැනීමට පියවර ගන්නා බැවින් වෙළඳාම සහ ආයෝජන වැඩි දියුණු කිරීමට උත්සාහ කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14