logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ඉන්දියාවේ 121 දෙනෙකුට මරු කැඳවූ උත්සවයේ සංවිධායකයින් 06 දෙනෙකු අත්අඩංගුවට

උතුරු ඉන්දියාවේ දිල්ලියට ගිනිකොණ දෙසින් පිහිටි හත්‍රාස් ගම්මානයේ ශිව දේව මංගල්‍යයකට එක් ව සිටි බැතිමතුන් පිරිසක් තෙරපීමෙන් ඉන් පුද්ගලයින් 121 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු ඉන්දීය පොලිසිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම පෙරේදා (02) දිනයේ දී සිදු වූ අතර, එම සිදුවීමෙන් මුල් අවස්ථාවේ දී වාර්තා වූයේ පුද්ගල මරණ 27ක් පමණයි.

පසුව එම ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහල් ආරංචි මාර්ග වාර්තා කළ පරිදි දේව වන්දනයෙන් තෙරපීමට ලක් ව මියගිය ගණන 60 දක්වා ඉහළ ගියා.

සිදුවීම සිදු ව 24 පැයක් ගත වන විට පුද්ගලයින් 1214 දෙනෙකුගේ මළ සිරුරු රෝහල් පරිශ්‍රයන් වෙත ලැබුණු බවත්, තවත් විශාල ප්‍රමාණයක් හුස්ම ගැනීමේ අපහසුතා සහ බරපතළ තුවාල සහිත ව ප්‍රතිකාර වෙනුවෙන් රෝහල්ගත කළ බව ද ඉන්දීය සෞඛ්‍ය අංශ සඳහන් කළා.

හත්‍රාස් නමැති ගම්මානයේ ශිව දෙවියන් වෙනුවෙන් විශේෂ සංස්කෘතික උත්සවය්ක් පවත්වා ඇත්තේ තාවකාලික ව අටවා ගත් කූඩාරම් පරිශ්‍රයක් තුළ බවයි වාර්තා වූයේ.

එම ස්ථානයට උපරිම ඇතුල් විය හැක්කේ 5000ක පමණ බැතිමතුන් සංඛ්‍යාවකට වුව ද, එම අවස්ථාවේ දී බැතිමතුන් 15000ක පමණ අතිවිශාල සංඛ්‍යාවක් පූජාවට එක් ව සිට තිබෙනවා.

මෙම බැතිමතුන් 121 දෙනා ජීවිතක්ෂයට පත් ව ඇත්තේ දේව පූජාව අවසන් කර යළි ඉන් පිටතට පැමිණීමට උත්සාහ කිරීමේ දී යි.

කෙසේවෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙවැනි ජන පීඩක අවදානම් උත්සවයක් ප්‍රමිතියකින් තොර ව සහ අවිධිමත් සංවිධානය කළ සංවිධායක මණ්ඩලයේ හයදෙනෙකු මේ වනවිට වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා අත් අඩංගුවට ගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"එළඹෙන 09 ගුරුවරු විදුහල්පතිවරු අසනීපයි"
06:14
Video thumbnail
මල් කැකුළක් බිළි ගන්නට පෙර අවාධානය යොමු කළොත් නරකද?
02:54
Video thumbnail
බන්දුලත් විවාදයකට ආරාධනා කරයි...
02:50
Video thumbnail
සජිත්ගේ සක්වළට හිත රිදුන බන්දුල...#bandulagunawardana
01:57
Video thumbnail
වත්මන් ආර්ථික ප්‍රවණතාව -මහ බැංකුවේ අධිපති සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාව
01:27:15
Video thumbnail
ජයඝෝෂා මැද ජනාධිපතිවරයාගේ පැමිණීම
01:32
Video thumbnail
රට ගොඩගන්න විදිය සජිත් කියද්දී මයික් එක ගැලවිලා අතට ආවේ මෙහෙමයි...#sajithpremadasa #sakwala
02:55
Video thumbnail
KASTHIRAMA | පා.ම.මුජිබුර් රහුමාන් සහ හිටපු පා.ම.නලින්ද ජයතිස්ස සහභාගීවන කස්තිරම වැඩසටහන සජීවීව
01:43:35
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE |2024-07-06| Dasatha News
35:46
Video thumbnail
විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයේ වැටුපට වෙන්න යනදේ මෙන්න...
03:26

?