ඉන්දියාවේ ශිවන්යා සොයා නිවසින් පැන ගිය හොරොව්පොතානේ දැරියන් තිදෙනා

රූපවාහිනි නාලිකාවක දිනපතා විකාශය වන ප්‍රසිද්ධ ඉන්දියානු ටෙලි නාට්‍යයක චරිත දෙකක් වන ශිවන්යා සහ ෂේෂා සියසින් දැක බලා ගැනීම සදහා ඉන්දියාවට යාමට නිවසෙන් පැන ගිය ගැහැණු දරුවන් තිදෙනකු හොරොව්පොතාන නගරයේ දී අද (31) දහවල් සොයාගත් බව හොරොව්පොතාන පොලිසිය පවසනවා.

දරුවන්ගේ දෙමාපියන් විසින් පොලිසියට සිදුකරණ ලද පැමිණිල්ලකට අනුව සිදුකරන ලද විමර්ශනයකදී එලෙස පොලිස් භාරයට ගනු ලැබුවේ හොරොව්පොතාන, පහල කුබුගොල්ලෑව,ඉදිපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 8, 12, සහ 13 යන වයස් සීමාවන්වල පසුවන ගැහැනු දරුවන් තිදෙනෙකි.

අද (31) අලුයම 4:30 ට පමණ මෙම දරුවන් දෙමව්පියන්ට හොරෙන් නිවසින් පැන ගොස් ඇති බව පොලිසිය පැවසුවේ.

නිවසේ සිට කිලෝමීටර් දෙකක් පමණ වල් අලි ගහන කැලෑවක් මැදින් දිවෙන මාර්ගයක වැලිමුවපොතාන හන්දිය දක්වා පාගමනින් පැමිණ ඇති දරුවන් එතනදී ත්‍රිකුණාමලය සිට යාපනය බලා ගමන් කළ ලංගම බස් රථයකට අළුයම පහයි හතළිස් පහට පමණ ගොඩ වී ඇති බව පොලීසිය සඳහන් කර සිටියේ.

පසුව එම බස් රථයෙන් කැබිතිගොල්ලෑව නගරයට පැමිණි ඇති දරුවන් යළි කැබිතිගොල්ලෑවේ සිට කහටගස්දිගිලිය නගරය දක්වා දිවෙන බස් රථයකින් කහටගස්දිගිලිය නගරයට පැමිණ තිබේ. මාර්ගය වැරදුනු බව දැනගත් ඔවුන් යළිත් කාහටගස්දිගිලිය නගරයෙන් හොරොව්පොතාන බලා දිවෙන බස් රථයකය නැග හොරොව්පොතාන නගරයට පැමිණ යාපනයට යෑම සදහ යාපනය බස් නවත්වන ස්ථානයෙ සිටියදී අද දහවල් 10:30 ට පමණ පොලීසිය විසින් සොයාගෙන තිබේ.

කලක සිට ශිවන්යා බැලීමට තමන් සැලසුම් කර තිබුණ බවත් ඔවුන් සිටින්නේ ඉන්දියාවේ බැවින් ඉන්දියාවට යෑමට ආසන්නම නගරය යාපනය බව යහලුවෙකු පැවසූ නිසා මුලින්ම යාපනය නගරයට ගොස් බෝට්ටුවකින් ඉන්දියාවට යාම තම අරමුණ වූ බවත් පොලිස් භාරයට ගත් දරුවන් ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත. ඊට පෙර දෙමවුපියන්ගේ ඡංගම දුරකතන භාවිත කර ඉන්දියාව පිහිටි ස්ථානය පිළිබඳ අවබෝධයක් තමන් ලබා සිටි බවද පවසා ඇති ඔවුන් ඒ සඳහා දීර්ඝ කාලයක සිට මුදල් එකතු කර ලග තාබාගෙන සිටි බවද පොලිසියට පවසා තිබේ.

පොලිස් භාරයට ගත් දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් ගෙන්වා දැඩිව අවවාද කිරීමෙන් පසු යලි භාර දිමට කටයුතු කර තිබූ අතර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දායානන්ද මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී ජයවර්ධන, ළමා හා කාන්තා කාර්යාංශයෙ ස්ථානාධිපතිනි සැරයන් (1801) රංජනී,(35911) පුෂ්පකුමාර,(55687) රාජපක්ෂ,කාන්තා පොලිස්(8595) සංජීවනී යන නිලධාරීහු සිද්ධියට අදාළ පරීක්ෂණ සිදු කරනු ලබනවා.

(උපුටා ගැනීම : ලංකාදීප පුවත්පතෙන්)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය හවුස් ෆුල්
01:13
Video thumbnail
Dasatha Vimasuma|ජනතාවගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා..අවු:5කට සැරයක් අපි කෝටිපතියො බිහිකරනවා
03:42
Video thumbnail
ජනපති කළ ප්‍රකාශයට අජිත්ගෙන් සැර පිළිතුරක් - ඔයා මේ රටේ අයිතාකාරයා නෙවෙයි..භාරකරු
04:14
Video thumbnail
Dasatha Vimasuma| ආණ්ඩුව පත් කරන්න ඡන්දය දුන්නට අපි දුක් වෙනවා..සුදා කියන එකා මහින්දට බනිනවා
01:51
Video thumbnail
සෙංකඩගල අවසන් රන්දෝලි පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක් - පෙරහර සංදේශය ජනපතිට ලබාදීමේ උත්සවය හෙට
02:45
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ? "මාලිමාවේ සභාපති තමයි මේ සේරම කරන්නේ"
08:51
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය - දිරවන්නේ නැතුව සත්තු වේදනා විදිනවා..වසුරුවල සෑහෙන ෂොපින්
03:19
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45