ඉන්දියාවට එන ලාංකික බැතිමතුන් වෙනුවෙන් නව හඳුන්වාදීමක්

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලය, ඉන්දියානු ජාතික ගෙවීම් සංස්ථාව (NPCI) සමග හවුල් වී ඉන්දියාවට පැමිණෙන ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් වෙනුවෙන් UPI One World හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කර තිබෙනවා.

ඉන්දියාවේ ඇති ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලය නිවේදනය කළේ; මෙම ඩිජිටල් ගෙවීමේ පහසුකම ශ්‍රී ලාංකික සංචාරකයින්‍ර ඉන්දියානු ජංගම දූරකථන අංකයක් අවශ්‍යතාවකින් තොරව ඉන්දියාව පුරා ආරක්ෂිත, තත්‍ය හා කාලීන ගෙවීම් කිරීමට හැකියාව ලබා දෙන බවයි.

එමෙන්ම ගමන් මල්ලෙහි මුදල් ගෙන යාම වෙනුවට නවීන තාක්ෂණයෙන්
ගෙවීම් කටයුතු ලාංකික බෞද්ධ වන්දනාකරුවන්ට සලසා දීමේ අරමුණ ද මෙහි තිබෙනවා.

නවදිල්ලියේ මහ කොමසාරිස් කාර්‍යාලයේ දී මෙම නියමු ව්‍යාපෘතිය හඳුන්වාදීමේ විශේෂ අවස්ථාවට බෞද්ධ වන්දනාකරුවන්ගේ විවේකාගාරයේ පරිපාලන ලේකම් පූජ්‍ය බෙරගම විමල බුද්ධි ස්වාමීන් වහන්සේ, NPCI මධ්‍යම රජයේ සබඳතා භාර රවි කාන්ත් ෂර්මා සහ NPCI UPI වර්ධනට භාර විවේක් ගාර්ග් යන පිරිස එක් ව සිටියා.

මෙම පහසුකම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉන්දියාවට යන ලාංකිකයින්ට ද ප්‍රතිලාභ දෙනු ඇති.

ඔවුන් රැඳී සිටින කාලය තුළ වැඩි මූල්‍ය නම්‍යශීලීතාවක් සහ ආරක්ෂාවක් ද හිමිවන බවයි වාර්තා වන්නේ .

මෙම නියමු ව්‍යාපෘතිය සමගින් ඉන්දු ශ්‍රී ලංකාව අතර ගැඹුරු සහයෝගීතාව ද අවධාරණය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36