spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය අවුරුද්දකින් දීර්ඝ කෙරේ

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක ඉන්දීය ණය ආධාර යෝජනා ක්‍රමය ඉදිරි වසරක කාලයක් සඳහා දීර්ඝ කරන ලද බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මීට අදාළ ගිවිසුමට අද (30) මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තැබීම සිදුකරන ලද අතර, පසුගිය 2022 මාර්තු 17 දින සිට වසරක කාලයක් සඳහා ක්‍රියාත්මක වූ මෙම ගිවිසුම ප්‍රකාරව වෙන් කරන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 1000න් මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 576.75කට අදාළව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කර තිබෙනවා.

ඉදිරි වසරක කාලය තුළ මෙම ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ඇතුළත්ව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා පියවර ගනු ලබන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?