ඉන්දියානුවන් 700ක් කොළඹට රැස්වෙයි – චෙන්නායි සිට සෑම දිනකම යාපනයට ගුවන් යානයක්

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව වසර 04ක පමණ කාලයක් දැඩි අර්බුදකාරී කාලසීමාවකට මුහුණ දුන් මෙරට සංචාරක කර්මාන්තය මේ වන විට යම් ප්‍රගතියක් පෙන්නුම් කරමින් සිටින බව සංඛ්‍යාලේඛන සාක්ෂි දරනවා.

වසරේ පළමු මාස 06 තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 06 ඉක්මවා ගොස් ඇති අතර වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.

ශ්‍රී ලංකාවේ ඉලක්කය මේ වසර තුළ සංචාරක පැමිණීම් මිලියන 02ක සීමාවට එළැඹීමයි.

එම ඉලක්කය සපුරා ගැනීමට නම් වසරේ ඉදිරි මාස 6 තුළ සංචාරකයින් මිලියන 1.4ක් මෙරට ගෙන්වා ගැනීමේ අභියෝගය කර්මාන්තය ඉදිරියේ පවතිනවා.

එවන් පසුබිමක ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ සම්මේලනය (TAAI) මේ දිනවල කොළඹ දී පැවැත්වෙනවා.

මූලික වශයෙන් ඉන්දියානු සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් 700 කට අධික පිරිසක් සම්මේලනය සඳහා සහභාගී වී සිටින අතර එය ආවරණය කිරීමට ඉන්දීය මාධ්‍යවේදීන් 50කට අධික පිරිසක් ද කොළඹට පැමිණ සිටිනවා.

වසර දහස් ගණනක් පුරා දිවෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික සම්බන්ධය, TAAI හි 67 වැනි සමුළුවට වැදගත්කමක් එක් කරයි.

TAAI හි 2022 සමුළුව අප්‍රේල් 19 සිට 22 දක්වා කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර පැවති දේශපාලන නොසන්සුන්තාව සහ ආර්ථික අර්බුද හේතුවෙන් එය කල් දැමූ නමුත් අද ශ්‍රී ලංකාව එහි පුනර්ජීවන මාවතේ ගමන් කරමින් සිටින නිසා කලාපීය සංචාරක ජාලයක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම සමුලුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කළ බව TAAI හි සභාපති ජ්‍යෝති මායාල් පැවසුවා.

ඉන්දියාවේ විශාලතම සහ පැරණිතම සංචාරක නියෝජිතායතනය වන TAAI, හි මෙම සමුළුව හරහා ශ්‍රී ලංකාව යනු සංචාරය සඳහා සුරක්ෂිත, පහසු සහ හුරුපුරුදු පරිසරයක් සහිත රටක් බව ඉන්දියානු සංචාරකයන්ට සහ එරට සංචාරක ක්ෂේත්‍රයට පෙන්වා දීම සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහ ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ සහයෝගීතාවයෙන් පැවැත්වෙන මෙම සමුළුව සමග ශ්‍රී ලංකන් ගුවන් සේවය ද අත්වැල් බැඳගෙන සිටිනවා.

“දේශසීමා ඉක්මවා යාම ” තේමාව යටතේ පැවැත්වෙන සමුළුවේ සමාරම්භක දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයි.

ඉදිරි දශකය තුළ රටට විශාල විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්මේලනය අමතමින් පැවසුවා.

ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ සැලසුම් මේ වන විටත් සකස් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමෙන් ඒක පුද්ගල අදායම ඉහළ නංවා ගත හැකි බවද සඳහන් කළා.

දේශසීමා ඉක්මවමින් බිම්ස්ටෙක් කලාපය දියුණු සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරිමට සියලු බිම්ස්ටෙක් රටවල් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

“කලාපයක් ලෙස සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ගත යුතු පියවර මොනවාද යන්න පිළිබඳ අප අවධානය යොමු කර තිබෙනවා. නැගෙනහිර ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ අපට වඩා සංචාරකයින් වැඩියි. ඒ නිසාම අප රටක් හෝ රටවල් කිහිපයක් ලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය නොකර සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය වීමෙන් වැඩි ඵලදායිතාවයක් ලබා ගත හැකියි. ඉතින් ඇයි අපි අපේ මුළු බිම්ස්ටෙක් සංවිධානයේ රටවල් දේශසීමා රහිත සංචාරක කලාපයක් බවට පත් නොකරන්නේ ? මම ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලට ගොස් තිබෙනවා. එම ප්‍රදේශවලට ආවේණික කෑම වර්ග 60-70ක් අතර බිරියානි වර්ග හැම ප්‍රදේශයකම දක්නට ලැබෙනවා. අපේ මඩකළපුව ප්‍රදේශයට ගියහොත් විශේෂ බිරියානි වර්ගයක රස විඳීමට ඔබට අවස්ථාව ලැබෙනවා. අපි ඇයි එය අළෙවි නොකරන්නේ ? තායිලන්ත ජාතිකයින් ඔවුන්ගේ ආහාර අලෙවි කර ඇති ආකාරය බලන්න. ඉන්දියාවේවත් නැති චිකන් ටික්කා මසාලා තායිලන්තය මාකට් කරනවා. එක් එක් ප්‍රදේශ වලට ආවේණික බිරියානි වර්ග සකස් කළ යුතුයි. අපි බිම්ස්ටෙක් කලාපය විවෘත කළ යුතුයි. ඇයි අපි බෙංගාල බොක්ක මුහුදු ගමන් සඳහා භාවිතා නොකරන්නේ ? නැඟෙනහිර ආසියාවේ, ඉන්දියාවෙන්, අග්නිදිග ආසියාවෙන්, බටහිර ආසියාවෙන්, අප්‍රිකාවෙන් සංචාරකයන් පැමිණෙනවා නම් අපි ඔවුන්ට අවශ්‍ය පහසුම් සලසා දිය යුතුයි. සංචාරක ගමනාගමනය සඳහා අපට නිසි සැලසුම් නැත්තේ ඇයි ? ඔබ ලුම්බිණියට ගිය පසු ඊළඟ ගුවන් යානය ඔබව බුද්ධගයාවට ගෙන යනවා. ඊළඟ ගුවන් යානය ඔබව කොළඹට ගෙන යා යුතුය. එවිට දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගත හැකියි. අප එලෙස මෙම සැලසුම් සකස් කළ යුතුයි. වසරකට සංචාරකයන් මිලියන ගණනක් අපේ කලාපයට ගෙන්වා ගැනීමට අප සැලසුම් සකස් කළ යුතුයි. ඒ අනුව බිම්ස්ටෙක් කලාපය විශාල සංචාරක කලාපයක් බවට පත්වෙනවා.” ජනාධිපතිවරයා ඉන්දීය සංචාරක නියෝජිතයන් හමුවේ පැහැදිලි කළා.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ පැවසුවේ, දෙරට අතර සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය, දේශසීමා ඉක්මවා ගොස් ජීවිත පරිවර්තනය කිරීමට පමණක් නොව, අපගේ පොදු උරුමය ගොඩනැගීමට ද නිසැක වශයෙන්ම හේතුවන බවයි.

“ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවය දැඩි සහෝදර සම්බන්ධතාවයක්. ඒ වගේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර භූගෝලීය සමීපත්වය පිළිබඳ අපි කවුරුත් දන්නවා. දශක ගණනාවක් පුරා පවතින දෙරට අතර මෙම භූගෝලීය සමීපත්වය ඉතිහාසය, සංස්කෘතිය, ශිෂ්ටාචාරය, ආගම්, භාෂා, සංගීතය, චිත්‍රපට, ක්‍රිකට් ක්‍රීඩාව, ප්‍රජාතන්ත්‍රවාදය, විවිධත්වය, ගෞරවය, සාමය යන අංශවලින් සාක්ෂි දරනවා. පසුගිය මාස කිහිපය තුළ සතියකට හතර වතාවක් ක්‍රියාත්මක වූ චෙන්නායි – යාපනය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට පමණක් නොව, මෙම ගුවන් ගමන් ජූලි 16 වනදායින් ආරම්භ වන සතියේ සිට සෑම දිනකම ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක නොවූ දෙරට අතර මගී යාත්‍රා සේවාව නැවත ආරම්භ කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර නෞකාවක් පිළිබඳ අදහස තවදුරටත් අදහසක් පමණක් නොවන බව කිවයුතුයි. ඉන්දියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ ගෙවීම් සඳහා දැන් ඔවුන්ගේ මුදල් භාවිතා කළ හැකි බැවින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මුදල් භාවිතය ද සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට හේතුවක්.” මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නා.

“දේශසීමා ඉක්මවා යාම” යන තේමාව යටතේ, නව වික්‍රමාන්විතයන් සහ ගමනාන්තයන් වෙත පිවිසීම අවධාරණය කරමින්, සංචාරක කර්මාන්තයේ විකාශනය වන කලාප ගවේෂණය කිරීම ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ සම්මේලනයේ අරමුණයි.

උතුරු ඉන්දියානු සංචාරකයින් ආකර්ෂණය කරන ජනප්‍රිය රාමායණ මංපෙත (Ramayana Trail) ශ්‍රී ලංකාවේ ඇති අතර, පසුගිය වසරේ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය විසින් දකුණු ඉන්දියානුවන් සඳහා “මුරුගන් මංපෙත” (Murugan Trail) හඳුන්වා දෙන ලැබුවා. යාපනය නල්ලූර් කන්දස්වාමි කෝවිල සහ කතරගම කෝවිල ද ඇතුළුව උතුරේ සිට දකුණට පූජනීය ස්ථාන දහයක් පමණ “මුරුගන් මංපෙත”ට ඇතුළත් වනවා.

TAAI හි සභාපති ජ්‍යෝති මායාල්, රටවලට සමෘද්ධිය, සාමය සහ ආර්ථික සංවර්ධනය ගෙන ඒම සඳහා සංචාරක ව්‍යාපාරයේ පරිවර්තනීය බලය අවධාරණය කළා.

මායාල් ප්‍රකාශ කළේ, “කර්මාන්තය පරිණාමය වන විට, අපගේ මනස ද පරිණාමය විය යුතුය. අපි වර්ධනය කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර ජීවිත පරිවර්තනය කිරීම සඳහා අනාගතය වැලඳ ගත යුතුයි.” බවයි.

ඉන්දීය රජයේ හිටපු සංචාරක ලේකම් අරවින්ද් සිං, සීමාසහිත තෝමස් කුක් ඉන්දියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මාධවන් මෙනන්, එයාර් ඉන්දියා හි ප්‍රධාන වාණිජ නිලධාරී නිපුන් අගර්වාල්, සහ රැඩිසන් හොටෙල් සමූහයේ දකුණු ආසියානු කලාපීය ප්‍රධාන උපදේශක කේ.බී. කච්රු වැනි සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ කීර්තිමත් විශේෂඥයින් රැසක් මෙම සමුලුවේදී සිය දැනුම සහ අත්දැකිම් බෙදා ගැනීමට සූදානමින් සිටිනවා.

අහසේ අසීමිත විභවය, අත්දැකීම් සහිත සංචාරය, සංචාරක ව්‍යාපාරයේ සුසමාදර්ශී වෙනසක්, TAAI සාමාජිකයින්ගේ තාක්ෂණික මුලපිරීම, දේශසීමා ඉක්මවා යාම – පරිවර්තනය වූ ලෝකයක් සඳහා ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීම වැනි මාතෘකා රැසක් යටතේ සැසිවාර කිහිපයක්ම පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.

ශ්‍රී ලාංකික සංචාරක පාර්ශවකරුවන් 200කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය ජාලගත කිරීම සහ ඵලදායී ව්‍යාපාරික සබඳතා ඇති කර ගැනීම සඳහා කදිම වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ඇති.

එමෙන්ම මෙම අන්තර්ක්‍රියා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අභ්‍යන්තර සහ පිටතට යන සංචාර ප්‍රවර්ධනය කරන අතරම නව සහ ආකර්ෂණීය ගමනාන්ත ගවේෂණය කිරීමට සංචාරකයින් දිරිමත් කරනු ලබනවා.

TAAI හි සභාපති ජ්‍යෝති මායාල්, කොළඹදී පැවැත්වෙන TAAI සමුළුව නැගී එන ප්‍රවණතා ගවේෂණය කිරීමට, දැනුම බෙදාහදා ගැනීමට සහ සංචාර දේශසීමා ඉක්මවා යන සහ ජීවිතය සැබවින්ම පරිවර්තනය කරන අනාගතයක් හැඩගස්වා ගැනීමට සහයෝගී වීමට අවස්ථාවක් ලබාදෙන බව පැවසුවා.

නියෝජිතයන් කොළඹට රැස්ව සිටින විට, මෙම ප්‍රවණතා වැළඳ ගැනීමටත්, වඩාත් අන්තර් සම්බන්ධිත සහ පරිවර්තනීය සංචාරක කර්මාන්තයක් සඳහා එකට වැඩ කිරීමටත් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමු යැයි ඇය ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?"ඔයා මෙතන පොර වෙන්න එපා"
02:41
Video thumbnail
අටමස්ථානාධිපතිට ඇප ලැබීම ගැන නීතිඥයෙක්ගෙන් අමුතු ප්‍රකාශයක්..ආගමට තියෙන විරෝදය මත පෙනී ඉන්න එපා
05:24
Video thumbnail
සුජීව ගල් අඟුරු කොමිසමට - පැලවත්ත කාඩර් එකෙන්නේ ඔක්කොම මෙහෙයවන්නේ..මේකත් ෂුවර් නෑ
06:15
Video thumbnail
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු
01:27
Video thumbnail
භික්ෂුවගේ ආවාසගෙට ගිහින් කට උත්තර අරන් තියෙන්නේ..නීතිඥ චානක අබේවික්‍රමගෙන් ප්‍රබල ප්‍රකාශයක්
07:29
Video thumbnail
ආණ්ඩුවේ කිසිවෙක් මහ ජනයාගේ මුදල් හොරකම් කරන්නේ නෑ..කෙනෙක් හිටියොත් ආණ්ඩුවේ ඉන්නත් බෑ
01:22
Video thumbnail
තිස්ස විතාරණ ගැන මතක් කරලා සජිත් පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි..උගත් ගුණවත් ජනතා පුත්‍රයෙක්
02:07
Video thumbnail
කථානායක ගැන ආන්දෝලනාත්මක කරුණු රැසක් එළියට ?..තොරතුරු දීලා සුජාතභාවය ඔප්පු කරන්න
07:33
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදාහරියි..අධිකරණය අසළ නොසන්සුන් ?
01:42
Video thumbnail
"හැම දේශපාලකයෙක්ම හොරෙක් නෙවෙයි" අජිත්, දිවන්ගත නන්දන ගුණතිලක ගැන කිව්ව දේ
13:30