ඉන්දියන් සාගරයේ භූ චලනයක් – දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සෙළවෙයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය සඳහන් කළේ ගාල්ල, නෙළුව, අකුරැස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙම කම්පන තත්වය දැනී ඇති බවයි.

අද (01) පස්වරු 1ට පමණ ඉන්දියන් සාගරයේ සිදු වූ රික්ටර් මාපංක 5.4 ප්‍රබලත්වයෙන් යුතු භූ චලනයක් හේතුවෙන් මෙම තත්වය හටගෙන තිබෙනවා.

එමෙන්ම කළුතර පානදුර මෙන්ම කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ද මෙම කම්පනය දැනී ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වෙරළේ සිට කිලෝමීටර් 1260ක පමණ දුරකින් කම්පනය සිදුවී ඇති අතර එය හටගෙන ඇත්තේ පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරකින්.

මේ හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
7
+1
4
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52