ඉදිරි මාසවලට අවශ්‍ය වී මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් ගබඩාවල

පොළොන්නරු දිස්ත්‍රික්කයේ පිහිටි මහා පරිමාණ වී මෝල් තුනක හා මධ්‍යම පරිමාණ මෝල් හතරක ඉදිරි මාස 4-8 දක්වා වූ කාලය සඳහා අවශ්‍ය වී මෙට්‍රික් ටොන් ලක්ෂ හතරකට අධික තොගයක් ගබඩා කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ප්‍රධාන වී මෝල් තුනේ දෛනිකව වී කිලෝ ලක්ෂ 18-20ත් අතර ප්‍රමාණයන් සහල් බවට පත් කළ හැකි බව සඳහන් වේ. විශාලතම සහල් මෝල් සංකීර්ණය අයත් ව්‍යාපාරිකයාගේ මෝලේ දෛනිකව වී කිලෝ ලක්ෂ 8-7ත් ප්‍රමාණයක් සහල් බවට පත් කළ හැකි අතර ඔහු මාස පහකට අවශ්‍ය වී තොග රැස් කර ගෙන ඇති බවද වාර්තාවේ. පසුගිය සතියේ පමණක් වී කිලෝ පහළොස් දහසක් (15000) පමණ ධාරිතාවේ පැටවිය හැකි ලොරි පන්සීයකට අධික ප්‍රමාණයකින් වී තොග දෛනිකව වී මෝල වෙත ගෙනැවිත් ඇත.

අනෙක් ව්‍යාපාරිකයා ද දෛනිකව වී කිලෝ ලක්ෂ 6-7ක් අතර ප්‍රමාණයකින් සහල් නිපදවන අතර ඔහුද ඉදිරි මාස හයකට ආසන්න ප්‍රමාණයකට වී තොග රැස් කර ගෙන තිබේ.

කෙටි කාලයකින් සහල් වෙළෙඳපොළේ අධිකාරියක් ලබා ගත් අනෙක් ප්‍රධාන වී මෝල් හිමි අයද දෛනිකව වී කිලෝ ලක්ෂ 5-6 අතර ප්‍රමාණයක් සහල් බවට පත් කරන අතර ඔහුද ඉදිරි මාස අටකට අවශ්‍ය වී තොග රැස් කර ගෙන අවසන් බවටද තොරතුරු වාර්තා වේ. මේ වන විට ඔහුට අයත් ගබඩා සියල්ලම ගබඩා කර අවසන් නිසා සිය වාහන නවතා තබන ගරාජයේද වී තොග ගබඩා කර ඇති බව සඳහන් වේ.

මීට අමතරව දෙනෙිකව වී කිලෝ ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් සහල් බවට පත් කරන මෝල් හතරක් ද ඇති අතර ඔවුනට මාස හතරකට අවශ්‍ය වී තොග රැස් කර ගෙන ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් අදාළ මහා පරිමාණ වී මෝල් මේ දිනවල සහල් බවට පත් කරනු ලබන්නේ පසුගිය යලකන්නයේ ලබාගත් වී තොග බව සඳහන් වේ. විශේෂයෙන් වෙළෙඳපොළේ අදිකම මිලක් සඳහන් වන කීරි සම්බා පසුගිය කන්නයේ රුපියල් හැටකට මිලට ගත් වී වන අතර එම සහල් කිලෝවකින් රුපියල් පනහකට අධික ලාභයක් තබාගන්නා බවත් කුඩා පරිමාණ මෝල් හිමියෝ පවසති.

චමින්ද සේනාරත්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොට්ටහච්චිට යකෙක් ඇවිත් වද මලක් දෙයි..අනේ.."Thank you" කිව්වම මට මොකක්දෝ වෙනවා
00:49
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
06:19
Video thumbnail
නැට්ටුක්කාරියන්ගේ කොටසාය දැකලා ක්‍රිකට් කොල්ලෝ පිස්සු කෙ#ලියා
02:24
Video thumbnail
ජෙනරාල් සලේව අල්ලගෙන නටන රූකඩ නාඩගම හෙළා දකිනවා - හිටපු නියෝජ්‍ය .කතානායක අජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
02:58
Video thumbnail
දයාසිරි ශ්‍රීලනිපයේ කරන්න යන වැඩේ - දැඩි තීන්දුවක් ගනී
11:22
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46
Video thumbnail
ලංකාව මැච් ෆික්සින් කරලා..? ආන්දෝලනාතමක් හෙළිදරව්වක්
10:01
Video thumbnail
විමල්ට නහුතෙටම තදවෙයි..ජනපති අනුර ජොගින් යන්නේ සලේ නිසා
08:26


?