ඉතාලි මුහුදේ සරණාගත බෝට්ටුවක් පෙරලි 62 ක් මරුට – ළමුන් 12 දෙනෙක්

දකුණු ඉතාලි මුහුදු සීමාවේදී සරණාගතයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 62 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වර්තාකරනවා.

මියගිය පිරිස අතර කුඩාදරුවන් 12 දෙනෙකුද වන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

මෙම බෝට්ටුව තුළ ඇෆ්ගනිස්තානය, පකිස්තානය, සෝමාලියාව සහ ඉරානය යන රටවල නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිරිසක් ගොස් ඇති බව පැවසෙනවා.

කැලබ්‍රියා වෙරළට ඔබ්බෙන් වූ ගල් සහිත මුහුදේ සංක්‍රමණිකයන් රැගත් ලී බෝට්ටුව යමින් තිබියදී මේ අනතුර සිදුව ඇති බව වර්තාවනවා.

මෙම යාත්‍රාව දින තුන හතරකට පෙර තුර්කියේ ඉස්මීර් නගරයෙන් පිටත් වූ අතර, පුද්ගලයන් 140 ත් 150 ත් අතර පිරිසක් එහි සිටි බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

බෝට්ටුව කැබලිවලට කැඩී තිබියදී 80 දෙනෙකු පමණ බේරා ගත් බව ඉතාලියේ ගිනි නිවන හමුදාව පැවසුවා.

ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනි මිනිස් ජාවාරම්කරුවන්ට දොස් පවරමින් අයහපත් කාලගුණය තුළ පුද්ගලයින් 200 දෙනෙකු සමඟ මීටර් 20 ක් දිග බෝට්ටුවක් දියත් කිරීම අපරාධයක් බව පවසනවා.ඇය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ . “ආරක්ෂිත ගමනක් යන ව්‍යාජ දෘෂ්ටිකෝණය යටතේ මිලට පිරිමින්, කාන්තාවන් සහ ළමයින්ගේ ජීවිත හුවමාරු කර ගැනීම අමානුෂිකයි.” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53