ඉංග්‍රීසියෙන් බණ කියා රුපියල් මිලියන30ක දහම් පඬුරු දරුවන් වෙනුවෙන් කැප කළ බුද්ධ පුත්‍රයාණන්

ශාසනය තුළ පැවිදි වෙලා ඉන්න අපිට ලෞකික ජීවිතය පිළිබඳව අනිත්‍යභාවය වටහා දෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ නිරන්තරයෙන්ම සමාජයේ සියලුම දෙනාගේ ගෞරවාදරයට පත් වුණු චරිතයක්. ඒ ගෞරව ආදරයට තවත් හැගීමක් එකතු කරගත්තු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම බුද්ධ පුත්‍රයාණන් කෙනෙක් විදියට වැඳුම් පිදුම් ලැබීමට සුදුසු ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳව තමයි අපි අද ඔබට කියන්නට යන්නේ

මේ ස්වාමීන් වහන්සේ නමින් පූජ්‍යපාද අඹන්පොල විනීත හිමියන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙළවරම පිහිටි පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කිරියාගම උල්පතගම පිහිටි ශාක්‍යසිංහාරාමය වැඩසිටින අඹන්පොල විනීත හාමුදුරුවෝ නිතරම තම ගම් පියසේ සිටින දරිද්‍රතාවෙන් බැට කන දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවන්නට ක්‍රියා කරපු ස්වාමීන් වහන්සේ නමක්.

උන්වහන්සේ කුඩා අවදියේ බණ්ඩාරවෙල පාලිත හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ගල්කිරියාගම ශාක්‍යසිංහාරාමය ට වැඩම කොට තියෙනවා. පුංචි කාලයේ විවිධ හැල හැප්පීම් මැද අභියෝග තාවයන් ජයගෙන නිසි ලෙස ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත් උන්වහන්සේ ගේ භාෂා නිපුණත්වය නිසාම විදෙස් රටවල් රැසකට ගොස් ඉංග්‍රීසියෙන් බුදුදහම පිළිබඳව ධර්මය දේශනා කරන්න අවස්ථාවක් උදාකර ගන්නවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේ ඉංග්‍රීසියෙන් දහම් දේශනා කරමින් උපයා උපයාගත් රුපියල් මිලියන 30 ක මුදල වියදම් කරන්නේ මේ ගමේ ජීවත් වෙන දුප්පත් අහිංසක දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. එනම් උන්වහන්සේ රුපියල් මිලියන 30 ක මුදල වියදම් කරමින් දෙමහල් ගොඩනැගිල්ලක් විවෘත කරනවා දරුවන්ට ඉංග්‍රීසි උගන්නලා නව තාක්ෂණික දැනුම ලබා දීමේ අරමුණ ඇතුව.

උන්වහන්සේ සිංගප්පූරුව,මැලේසියාව ඉන්දුනීසියාව ඇතුළු රටවල් රැසකට ම වැඩම කොට ධර්මය දේශනා කරන අතර ඒ රටවල දායක දායිකාවෝ එක්ව මෙරට දරුවන්ට උපකාර කරන නිසා ඒ සියලුම දේ ලබාගෙන දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමට හැකි ආයතනයක් නිර්මාණය කරනවා.

පුංචි කාලයේ ඉඳන් මේ ප්‍රදේශයේ ජීවත් වුණු දරුවන් සහ දෙමව්පියන් නිතර වල් අලිත් එක්ක ජීවත් වෙන්නට පොර බදිනවා. ඒ නිසාම මේ දරුවන්ගේ අනාගතය කවද හරි දවසක හොඳ අතට හරවන්න ඕනේ කියන චේතනාව හිතේ තියාගෙන උන්වහන්සේ ඉංග්‍රීසියෙන් බණ කියන්නට පටන් ගන්නවා.

ඒ එකතු කරගත්තු මුදල් වලින් තමයි අද අධ්‍යාපනය ලබන දරුවන්ට අධ්‍යාපන කටයුතු ඉතාමත් පහසුවෙන් කරගැනීමට හැකි බහුකාර්ය ගොඩනැගිල්ලක් ස්ථාපිත කරන්න උන්වහන්සේට හැකියාවක් ලැබුණේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මිනිස්සු අධිෂ්ඨානයක් කර ගත්තොත් වීරිය වැඩුවොත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ උදාර බුද්ධවචනය ජීවිතයේ පරමාදර්ශය බවට පත් කරගත් මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනාගත දරු පරපුරකට අපූරු තක්සලාවක් දායාද කර අවසන්.

මේ ගොඩනැගිල්ල තුළ පරිගණක අධ්‍යාපනය,සිංහල අධ්‍යාපනය ඒ වගේම දමිළ අධ්‍යාපනය ස්වයං රැකියා පුහුණු කිරීම් ආදී දේවල් සිද්ධ කරනවා. මේ සියලුම වටිනා අවස්ථාවන් මේ දරුවන්ට ලැබෙන්නේ කිසිදු මුදලක් නොගෙවා ඒ කියන්නේ නොමිලේ.
මේ උදාර ක්‍රියාව පිටිපස සිටින ස්වාමීන් වහන්සේ සඳහන් කළේ ගමට රටට වැඩදායී යමක් කරන්නට පුළුවන් දරු පරපුරක් බිහි කිරීමට උන්වහන්සේ අදත් හෙටත් කැප වෙනවා කියලයි. පැවිදි ජීවිතයට ගියත් ලෞකික සැප සම්පත් විඳිමින් සුවසේ කල් ගත කරන සමහර ස්වාමීන් වහන්සේලා ගත කරන අධි සුඛෝපභෝගී ජීවිත වෙනුවට විනීත හිමියන් කවදත් ජීවිතයෙර් අනිත්‍යතාවය තේරුම් අරගෙන දහම් මෙනෙහි කරන බුද්ධ පුත්‍රයාණන් කෙනෙක්. ඉතින් උන්වහන්සේට පතන්නාවූ නිවන දුර නොවේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

මුලාශ්‍රය ලංකාදීප පුවත්පත

M.ශෂිකලා මදුෂානි

  1. ඉංගිරිසියෙන් බන කිව්වම වෙඩියෙන් ගෙවනවා ඇති . බනත් දෙන් ජාත්යන්තර වෙලා. හෙට අනිද්දා බන දෙමලෙන් ප්‍රංස බාසවෙන් ජර්මන් ස්පනිෂ් අරාබි බාශාවෙන් වාගෙ කියවන කොටසකුත් ඇති වෙලා ජාත්යන්තරයට බන ගෙන ගොස් අපට විදෙශ විනිමය ගෙන එන චීවරදාරින් කොටසක් බිහෙවේවි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48