ඊයේ(3) ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති පළමු තරගයෙන් ඇෆ්ඝනිස්තානය කෙසේ හෝ පරාජය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම අදිටන් කර ගෙන සිටි බව ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසනවා.
මෙම තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා. පන්දු රැකීම අතින් ලොව හොදම පන්දු රැකීමේ කණ්ඩායම බවට පත් වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ බව ද තීක්ෂණ මෙහිදී පවසා සිටියා.
වැරැදි ඇත්නම් ඒවා නිවැරැදි කර ගනිමින් ඉදිරි තරග සියල්ල ජය ගෙන ආසියානු කුසලානය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ බවයි ඔහු කියා සිටියේ
දර්ශන පහතින් –
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
12














