spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියට එන ශ්‍රී ලංකා සංචිතයේ චාමිකට ඉඩක් නැහැ ?

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ මේ මස දී ආරම්භවීමට නියමිත එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බව වාර්තා වනවා.

චාමික කරුණාරත්න වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ද මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයට එක්වීමේ වැඩි අවස්ථාවක් පවතින බව සඳහන්.

එමෙන්ම හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට ද මෙම සංචිතයට එක්වීමේ අවස්ථාවක් නොලැබී යන බවයි වාර්තා වන්නේ.

ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය සඳහා විය හැකි ශ්‍රී ලංකා සංචිතය පහතින්.

දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, භානුක රාජපක්ෂ, දිනේෂ් චන්දිමාල්, අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහිෂ් තීක්ෂණ, ලහිරු කුමාර, ප්‍රමෝද් මධුෂාන්, අසිත ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන්, කසුන් රාජිත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?