ඇෆ්ගනිස්ථානය අසරණ කළ සිම්බාබ්වේට ඓතිහාසික ජයක්

සංචාරක ඇෆ්ගනිස්ථානය සහ සිම්බාබ්වේ අතර හරාරේ ක්‍රීඩාංගනයේ පැවති ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 73ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (22) සමත් වුණා.

තරගයේ කාසිය වාසිය ජය ගැනීමෙන් අනතුරුව පළමුවෙන් පන්දුයැවීම තෝරාගත් සිම්බාබ්වේ නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටු කිරීමට සමත් වූ සිම්බාබ්වේ පන්දුයවන්නන් ලකුණු 127ක් තුළ ඇෆ්ගනිස්ථානයේ සියලු පිතිකරුවන් දවා ගනු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ සිම්බාබ්වේ පිතිකරුවන් විසින් විශිෂ්ඨ ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් ලකුණු 359ක් රැස්කළා.

සිම්බාබ්වේ පළමු ඉනිමට වඩා ලකුණු සිම්බාබ්වේ 232ක් පිතුඔඅසින් තම දෙවංඊනිම ආරම්භ කළ ඇෆ්ගනිස්ථානයට දෙවැනි ඉනිමේදී ද සියල්ලන් දැවීගොස් රැස්කර ගැනීමට හැකි වුණේ ලුණු 159ක් පමණයි.

ඒ අනුව ඉනිමක සහ තවත් ලකුණු 73ක විශිෂ්ඨ ජයක්ග්‍රහණයක් ලබාගත් සිම්බාබ්වේ කණ්ඩායම ඔවුන්ගේ ටෙස්ට් ඉතිහාසයේ ඉනිමකින් ලැබූ තුන්වන ජයග්‍රහණය මෙය වන අතර 2013 වසරෙන් පසු තම මවුබිමේදී ඔවුන්ගේ පළමු ටෙස්ට් ජයග්‍රහණයද මෙය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
00:00
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44
Video thumbnail
මේ කාන්තාවන් කල්ලිය දුටු තැන ප්‍රවේශම්වන්න.. - පන්සල්වලට පැනලා දානේ ගේන භාජන ටිකත් උස්සන් ගිහින්
02:14
Video thumbnail
නාමල්, වැලේනා වැලන්ටිනා සමඟ ගැම්මට කරාතේ පුහුණුවෙන හැටි - I am tapping. Which side are you go?
01:33
Video thumbnail
කිසිදු පුරවැසියෙක් පාලකයට බයේ ඉන්න ඕනි නෑ - මාව ප්‍රශ්න කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා
07:07
Video thumbnail
අපිට පොහොසත්ම රට වෙන්න අමාරුයි හැබැයි අභිමානවත්ම රට වෙන්න පුළුවන්
05:29
Video thumbnail
ඔස්ට්‍රේලියාවට යන්න ඔබටත් දැන් අවස්ථාවක්
02:22
Video thumbnail
සොර යුවලගේ කුරුමාණම අතේ මාට්ටු ?
01:23
Video thumbnail
කොහොමද මාලිමාවේ ඇමතිලගේ වැඩ
00:41