ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහාටි හි අද (14) පස්වරු 4:41 ට පමණ භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
එම භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපක 5.8ක අගයක් ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.
එහි කම්පනය උතුරු බෙංගාලය සහ අසල්වැසි භූතානය දක්වා දැනී තිබුණා.
මෙම භුකම්පනයේ අපි කේන්ද්‍රය උදල්ගුරි දිස්ත්‍රික්කයේ වන අතර, පොළොව මතුපිට සිට කිලෝමීටර 5ක් ගැඹුරින් මෙම භූකම්පනය සිදුව ඇති බවයි නිලධාරීන් සඳහන් කළේ.
භූකම්පනයෙන් හේතුවෙන් සිදු වූ තුවාල හෝ දේපළ හානි පිළිබඳ තවමත් වාර්තා ලැබී නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
1
+1
+1





