AFC Banner
AFC Banner
Empty Ad

ඇල්ල බලා ධාවනය කළ තුන්සක රිය ගැටී චීන ජාතිකයෙකු රෝහලට

වැලිමඩ – නුවරඑළිය මාර්ගයේ වැලිමඩ පොලිස් ස්ථානය අසල දී සිදු වූ රිය අනතුරකින් විදෙස් ජාතිකයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද (07) උදෑසන 07ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ විදේශිකයා පදවාගෙන ආ ත්‍රිරෝද රථය වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ ගමන් ගත් ලොරියක ගැටීමෙන් බවයි වාර්තා වන්නේ.

අනතුරින් ත්‍රිරෝදා රථයට ද දැඩි අලාභ හානි සිදු ව ඇති අතර එහි ඉදිරිපස කොටස සම්පූර්ණයෙන් ම කුඩු වී තිබෙනවා.

තුවාල ලබා ඇත්තේ චීන ජාතිකයෙකු වන අතර ඔහු නුවරඑළියේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා ගමන් කරමින් සිට තිබෙනවා.

මේ වනවිට ඔහු වැලිමඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?