ඇඹිලිපිටියෙන් හමුවූ කාන්තා මළ සිරුර ගැන තොරතුරු හෙළිවෙයි

ඇඹිලිපිටිය ආයුර්වේද මාර්ගයේ තිබූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

ඊයේ උදෑසන ඇඹිලිපිටිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි මෙම මරණ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කෙරුණේ.

මියගොස් ඇත්තේ වීරියගම ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි මවක්.

මෙම කාන්තාවගේ දියණිය පෙරේදා (03) පොලිසියට පැමිණිලි කර ඇත්තේ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තුන් දෙනෙකු මව පැහැරගෙන ගිය බවයි.

ඇයගේ පුත්‍රයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ හෝටලයක සේවය කරන අතර එහි හිමිකරුගේ බිරිඳ සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවකින් අනතුරුව ඔවුන් පළාගොස් ඇතැයි හෙළිවී තිබෙනවා.

ඔවුන් දෙදෙනා සොයා හෝටලයේ හිමිකරු සහ තවත් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් පැමිණ මෙම කාන්තාව පැහැරගෙන ගොස් ඇති බවටයි වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඇඹ්ලිපටිය සහ සූරියවැව පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51