ඇමෙරිකාවේ ඉලනොයී සරසවිය සහ පේරාදෙණිය සරසවිය අතර ගිවිසුමක්

ඇමෙරිකාවේ ඉලනොයී සරසවිය හා පේරාදෙණිය සරසවිය අතර අධ්‍යාපන සහ පර්යේෂණ හුවමාරුව පිළිබඳ සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලනෝයී විශ්වවිද්‍යාලය (University of Illinois) සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර අධ්‍යාපන හා පර්යේෂණ ක්ෂේත්‍රය විෂයෙහි සහයෝගීතා හුවමාරු වැඩපිළිවෙළක් ස්ථාපිත කරගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද සිදු කෙරුණේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පරිශ්‍රයේ දී යි.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පේරාදෙණිය සරසවියේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර ඇමරිකානු රජය වෙනුවෙන් එරට ඉලනෝයී සරසවියේ පශූ වෛද්‍ය විද්‍යාලයීය පීඨාධිපති පීටර් ‍කොන්ස්ටබල් (Peter Constable) මහතා අත්සන් කර තිබෙනවා.

දෙරටෙහි පර්යේෂණ හා වෘත්තීය අධ්‍යාපන සහයෝගීතාව වඩාත් පුළුල් හා සවිමත් කරගැනීමට අදාළව අත්සන් තැබුණු මෙම ගිවිසුම අනුව පේරාදෙණිය සරසවියේ පශූ වෛද්‍ය, සත්ව ආහාර, සත්ව ඖෂධ හා පශූ ශල්‍යකර්ම යන ක්ෂේත්‍රවල විශේෂ ආධ්‍යාපනික වර්ධනයක් අපේක්ෂා කරන අතර ම දෙරට අතර අදාළ තොරතුරු හා තාක්ෂණික දැනුම් හුවමාරුවක් සිදු කරගැනීමට ද අපේක්ෂා කෙරෙනවා.

මෙම අවස්ථාවට කීර්තිමත් ශ්‍රී ලාංකික විද්‍යාඥ සිවා සිවනාදන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26