AFC Banner
Empty Ad
Empty Ad

ඇමරිකා තානාපතිනිය මඩු දේවස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජුලි චන්ග් මහත්මිය මඩු දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තානාපතිනිය සඳහන් කර ඇත්තේ තමන් මඩු දේවස්ථානයේ නිරීක්ෂණයට එක් වූ බවයි.

මෙම සංචාරයේදී ඇමරිකා තානාපතිනිය මඩු දේවස්ථානයේ වර්තමාන තත්වය සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් දේවස්ථාන පාලක පියතුමන්ලා සමඟ සාකච්ජා කර තිබෙනවා.

මන්නාරම රදගුරු නිවසේදී මන්නාරම දිසාව භාර රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන් හමු වී සුහද සාකච්ඡාවක නිරතවීමට ද තානාපතිනිය පියවර ගෙන තිබුණා.

උතුරු පළාත් සංචාරය අතර ඇමරිකා තානාපතිනිය මඩු දේවස්ථානය නිරීක්ෂණයට එක් වූ අතර එහිදී පැවති සාකච්ඡාව සඳහා මන්නාරම දිසාව නියෝජනය කරන පියතුමන්ලා පිරිසක් ද එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?